වෙන කවුරුත් නෙවෙයි ඒ ටේහියුන්ග් කියල අදුර ගන්න මට ඒ කටහඩ පමණක් ප්රමාණවත් උනා
"හනා....... "
ඒත් අද ඒ හඩේ නුහුරු බවක් මට දැනුනා
"මන් ඔයාට ආදරෙයි හනා..."
වේදනාත්ම රාවයක් ඒ හඩේ මුසුවෙලා තියෙද්දි මන් ටේහියුන්ග්ව වාරු කරගෙන ගේ ඇතුලට එක්කගෙන ආවෙ කොල්ල ඉන්නෙ හොද සිහියෙන් නෙවෙයි කියල ඒ හුස්ම වල දැවටුන සුවදින්ම තේරුන නිසාඒත් ඇයි මේ... කවදාවත් නැතුව
මන් ජීවිතයේ පලවෙනි වතාවට ටේහියුන්ග් මේ තරම් මත් වෙලා ඉන්නව දැක්කෙ....
"ටේ ඔයා හොඳින් නේද "
තව දුරටත් අපි අතර තිබ්බ නිහඩතාව බිද දමමින් මන් කතා කලත් ඒ ඇස් තාමත් තිබුනෙ මන් ළඟමැලවුන ඇස් නව පනක් ලැබුනා මෙන් දිලිහෙන්න ගත්තෙ වියලී ගිය කදුලු නැවතත් තෙත් කරමින්.. ගලා වැටුන කදුලට හේතුව සොම්නස ද දොම්නස ද යන්න මට තාමත් වැටහුනේ නෑ
මගේ එක් අතකට සීතල ස්පර්ශයක් ටේහියුන්ග් එක් කරද්දි දිලිහෙන ඇස්වල සැගවිලා තිබ්බ වේදනාව මන් හොදටම දැක්කා
දෙවරක් නොහිතාම ටේහියුන්ග්ව තුරුලට අරන් සනසන්න හැදුවත් කොහෙන්දෝ ආ ඉකියක් මා තුලින් පිට උනේ මන්ද කියන එක මට හිතා ගන්න බැරි උනා
ටේහියුන්ගෙ කමිසය ඇගිලිවලින් පොඩි කරන ගමන් මන් ඉකිගහද්දි ටේහියුන්ග් මාව සනසන්න හැදුවෙ මාව තව තව අසරණ කරමින්
ඇයි ටේහියුන්ග් ඇයි මේ...... ඔයාට මේ තරම් දුක් දෙන මාව ඇයි සනසන්න හදන්නෙ
*
*
*ටේහියුන්ග්ව වාරු කරන් එයාගෙ රෑම් එකෙන් තියල ආයෙ යන්න හැදුවෙ උත්තර නැති ප්රශ්න දහසක් එක්ක උනත් නොහිතූ විදියට ටේහියුන්ගෙ අත මගෙ අතේ පැටලුනේ මාව පිටුපසට ඇද ගන්න ගමන්
"හනා.... මාව මගහරින්න එපා... අද අදවත් ලඟින් ඉන්නව ද... "
*
*
*නොනවත්වා ටේහියුන්ග් අවසිහියෙන් කියවද්දි ඒ හැම වචනයක් මගෙ හදවතට වේදනා ගෙන දුන්නා
මන් අවුරුදු කීයක් මේ අහිංසකයට දුක් දුන්න ද
"මට සමාවෙන්න ටේහියුන්ග් " මන් ඇගිලි වලින් ඒ මූන පිරිමදිද්දි ඒ ඇස් දිලිසුනා සතුටට
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...