CHAPTER 6

241 44 96
                                    

මේ ගමන ගැන මට ලොකු කුතුහලයක් තිබ්බත් නාම්ජූන් ඔප්පත් එන  නිසා මගෙ බය නැති වෙලා ගියා. මේ දවස් ටිකට මම ඔප්පාව දැක්කෙම නැහැ..

තව පැය දෙකක් විතර තිබ්බට වෙන කරන්නත් දෙයක් නැති එකේ මම  නා ගන්න කියලා ගියා. වොෂ්රූම්  එක පුරා ෂැම්පූ සුවඳ පැතිරෙද්දි ෂවර් එක ඔලුවට අල්ලන ගමන් මම මනෝ ලෝකයට ගියා. මගේ පලවෙනි ආදරේ රූපය සිත තුළ මැවෙද්දි ගතට දැනෙන හොට් වෝටර් වල පහසත් සමග මම ඒ ලෝකයේ කිමිදුනා.

___________________________________

කලු පාට අත් හීනි ගවුමට එල්ලෙන earrings දාලා පේන නොපෙනෙන ගාණට makeup එකකුත් දා ගෙන කණ්නාඩිය තුළ මැවෙන රූපයට ඇස් යොමු කළේ හදවතේ බලාපොරොත්තු පොදි බැඳගෙන. මම ලස්සන ගැන වැඩිය නොහිතන කෙනෙක් උනත් මට ඔප්පා ඉස්සරහ ලස්සනට ඉන්න ඕන උනා.

ටැක්සි එකක නැග යන ගමන් මම කල්පනා කලේ නීරා ගැන. මොකද එයා මේ එන්න හදන්නේ නම් හොඳ දේකට නෙවෙයි කියලා මට හිතුනා. හැබැයි අද දෙකෙන්  එකක් විසද ගන්නවා.

වටේ ඉන්න කිසිම කෙනෙක් ගානකට නොගෙන මම නීරාව හොයාගෙන හෝල් එකේ ඉස්සරහ ට ගියා. මම අඩි දෙකක් ඉස්සර හට යනකොට ඈත ඉඳන් ආව නීරා එකපාරටම මාව hug කළා.

"ඔයා එහෙනම් ආවා නේද හනා "

මගෙ කනට ලං වෙලා නීරා කොදුරපු ස්වරයෙන් ම මගේ හිත තේරුම් ගත්තා ලොකු මරාලයක් ලඟ එනවා කියලා.

"Happy birthday නීරා "

අහල පුරුදු කට හඬක් පිටු පසින් එද්දි නීරා වගේම මමත් ඒ පැත්ත හැරුණා. එක අතකට මල් පොකුරක් අරන් අපි ඉදිරියේ හිටපු නාම්ජූන් ඔප්පා මගේ හිත මොහොතකට නතර කළා. වල ගැහුණ කම්මුල් එක්ක හීනි කරගත්ත ඇස් මට මාවම අමතක කළා. ඒක ඒ තරම් ම මායාවක්.

මාව ඒ බන්ධනයෙන් බිඳ දමමින් හීනි ඇස් පිය උනේ නීරා ට ඒ උණුසුම ලබා දෙමින්. මගෙ ඇස් ඉදිරියේ ඔප්පා නීරා ව වැලද ගනිද්දී මට දැනුනේ මගේ ඇඟේ කොටසක් ගැලවිලා ගියා වගේ.

Birthday song එක play වෙද්දී පළවෙනි කේක් කෑල්ල නීරා ගෙ අතින් ඔප්පට කවන කොට නීරා කට කොනින් මට හිනා උනේ ජයග්‍රාහී විලාසයෙන්.

🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]Where stories live. Discover now