"තේ ජූන් " තේ ජූන් ඇතුලට එනවත් එක්කම නීරා ගිහින් එයාව බදාගත්තෙ ගොඩ කාලෙකින් මුණ නොගැසුනා වගේ....
ඒ මොහොතේම තේ ජූන්ගෙ අත් අතරට නීරා හිර වෙද්දි අන්තිමට එයා නැවතුනේ පැත්තකට වෙන්න තිබුන පරන මේසයක් උඩ.... නීරාගෙ අත තේ ජූන් වටා එතෙද්දි තේ ජූන්ද එක් අතකින් නීරාව ළඟට ගත්තෙ අනිත් අතින් මූනට වැටිල තිබ්බ නීරාගෙ දුඹුරු පාට කෙස් ගහ කන පිටිපස්සෙන් රදවන ගමන්
නීරාගෙ මූන තව තවත් ලං වෙද්දි නොහිතූ විදියට තේ ජූන් ඒ මූණ තමන්ගෙ අතට ගත්තෙ ලැබෙන්න ගිය හාදුවට බාදාකරමින්
"වේ තේ ජූන් "
"දැන් ම නෙවෙයි නීරා.... අපේ වැඩේ තාම ඉවර නෑ"
"ආයිෂ් තේ ජූන්.... අදින් පස්සෙ මේ හැමදේම ඉවරයි.. දැන් වත් මාව මග හරින එක නවත්තන්න " නීරා හැරුනෙ ලොකු ආයාචනාත්මක බැල්මකින්
"හරි හරි බේබි..... තව ටික වෙලාවයි නේ.. හැමදේම හරි නේද "
තේ ජූන් ගිහින් නීරාව back hug කළේ..... මැලවිලා තිබ්බ කෙල්ලගෙ මූනට ආයෙත් හිනාවක් ගෙනත් දෙමින්
"හැමදේම හරි තේ ජූන්..... මැච් එක පටන් ගන්න කලින් energy drink එකක් එක්ක මන් මේක දෙන්නම්..... හරියටම මැච් එක පටන් අරන් විනාඩි දහයක් ගියාම බෙහෙත වැඩ කරනවා..... එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ මොකද මැච් එක පටන් අරන් ඉවරයි නේ.... නම්ජූන්ට අමාරු වෙන්න ගත්තම ටීම් එකේ අනිත් අයත් කලබල වෙන්න ගන්නවා......කොහොමත් නම්ජූන් නැතුව අනිත් අයට තනියම මේක කරන්න බෑ..... එතකොට ඉතින් ඔයාට ඕන දේ ඉටු වෙනවා... කොහොමත් ජුනී මාව සැක කරන්නෙ නෑ.... මන් කිව්වෙ නම්ජූන්..... අනිත් දේ තමයි energy drink එකේ ප්‍රශ්නයක් කියල කව්රුත් හිතන්නෙ නෑ... මොකද අනිත් අයත් ඒක බොනව නේ හැබැයි එයාලට මුකුත් වෙන්නෙ නෑ.... ඊළඟ දේ මේක පාසල් මට්ටමේ දෙයක් නිසා කවුරුත් මේ ගැන වැඩිය හිතන්නෙ නෑ"
" ඔයා හරි නීරා නම්ජූන් කොලේජ් එකේ ඉදන් ප්ලේ කරන අන්තිම මැච් එක මේක.... මේක එයාගෙ ලොකු හීනයක්.... අද ඒ හීනෙ නැති වෙනවා වගේම ඒක වෙන්නෙ මගෙ අතින් කිසිම දැන ගත්තම මිනිහට දරා ගන්න බැරි වෙයි...... තව දෙයක් නිරා අපි මෙතනින් නවතින්නෙ නෑ... ඔයාගෙ ඇත්තත් අපි හෙලි කරන්න ඕනේ.... මෙච්චර කාලයක් ඔයා එයාව රැවැට්ටුව කියල දැන ගත්තොත් මොනව මෙයි ද..... මට ඉවසිල්ලක් නෑ "
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...