Chapter 01🥀

3.2K 278 72
                                    


කන්නාඩි මේසෙ ඉස්සරහට වෙලා හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ තමන්ගෙ කසාදෙට සූදානම් වෙන නම්ජූන්ගෙ මූණෙ නම් තිබ්බෙ මලානික පෙනුමක්..කන්නාඩියෙන් පෙනුණ තමන්ගෙ ප්‍රතිබිම්භය දිහා බලාගෙන එයා කල්පනාවට වැටුණා..

"මම අද එයාව මැරි කරනවා...මගේ කැමැත්තෙන් නෙමෙයි...අප්පගෙ තීරණේ ඒක....ඔයා කොහොමද මේ දේවල් මේ විදියට සිද්ද වෙන දිහා හිනා වෙලා බලාගෙන ඉන්නේ ජින්..."

කිම් සොක්ජින්....!!

නම්ජූන් හිතින් ආදරේ කරන කෙනා....ඒ ගැන ජින්ට කියාගන්න බැරි වෙච්චි එක නම්ජූන්ට තිබුනෙ පසුතැවීමක්..

නම්ජූන්ට ඉබේටම සුසුමක් පිට උනා.

නම්ජූන් මැරි කරනවා කියලා ජින්ට කිව්වම එයාගෙ මූණෙ තිබ්බ සතුට නැති වෙලා ගියත් ජින් එයාගෙ හිතේ තියෙන දුක හංගගෙන හිනා වෙච්ච විදිය නම්ජූන්ගෙ මනසෙ හොල්මන් කරන්න ගත්තා...

"මම දන්නවා ඔයත් මට කැමතී කියලා ජින්.ඒත් දැන් අපි පරක්කු වැඩී.මට සමාවෙන්න ජින්.මට අප්පගෙ තීරණේට පිටින් යන්න බෑ.ඔම්මත් නැතුව මාව හදාගත්තෙ අප්පා..."

"..ඒත්......ඒත් මම තාමත් ආදරේ ඔයාට ජින්....මැරෙනකං ඔයාටම විතරයි..."නම්ජූන් එයාටම පොරොන්දු උනා

නම්ජූන් ජින් කියන්නේ පොඩි කාලෙ ඉදන් යාලුවො...එයාලා දෙන්නා ස්කූල් ගියෙත් එකටමයි...ජින් ගැන නම්ජූන්ගෙ හිතේ හැගීමක් ඇති වෙද්දි එයාට අවුරුදු පහළොවයි.

ඒත් නම්ජූන් ඒ හැගීම මොකක්ද කියන්න දැනගෙන හිටියේ නෑ...ඒත් එයා දැන් දන්නවා ඒ හැගීම ආදරේ කියලා...

ජින් වැඩ කරන්නේ නම්ජූන්ගෙ කම්පැනි එකේ...එයා නම්ජූන්ගෙ ප්‍රයිවට් සෙක්‍රටරි...නම්ජූන්ට ඕනෙ ජින්ව එයා ළගම තියාගන්න..ජින් ගෙ ඔම්මයි අප්පයි ඉන්නේ කැනඩා වල නිසා එයාට ඕනවටත් වඩා නිදහස තියෙනවා..

"පුතා රෙඩි වෙලා ඉවරද....?"

රූම් එකේ එළියෙන් නම්ජූන්ගෙ අප්පගෙ හඬ ඇහෙද්දි නම්ජූන් එයාගෙ කල්පනාවෙන් හරි සිහියට ආවා..

"ඔ...ඔව් අප්පා"

"එහෙනම් ඉක්මනටම පහලට එන්න.චර්ච් එකට යන්න පරක්කු වෙයි නැත්තං."අප්පා එහෙම කියලා එතනින් යන්න ගියා..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now