වැසි කාලයේ ආරම්භය කියාපාන්න මුළින්ම ඇද හැලෙන වර්ෂාව දෙස බලාගෙන ජිමින් කල්පනාවට වැටුණා..ටවල් එකත් ඉණේ ගැට ගහගෙන ජනේලෙන් එළියේ වහින දිහා බලාගෙන ඉන්න ජිමින් ගාවට ගිහින් ජන්ග්කුක් එයාව බදාගත්තා..ජිමින්ගෙ බෙල්ල මුලින් හාදුවක් තියලා වැස්ස නිසා දැනෙන සීතල නැති කරගන්න හිතාගෙන ජිමින්ව තවත් තදින් බදාගෙන ඒ උණුසුමට ගුලි වුණා..
මුලු අහසම කලු කරලා වැහි බිංදු කඩා හැලෙන විදිය, වලාකුළු අස්සෙන් එකපාරටම මතු වෙන දම් පාට විදුලි එළි දිහා දෙන්නම බලාගෙන හිටියෙ සීතල එක්ක ඇගේ ඇතිවෙන හිරිය යවාගන්න හාදු දෙන ගමන්...
තවත් විනාඩි කිහිපයක් එකිනෙකාගෙ උණුසුමට ගුලි වෙලා ඉදලා දෙන්නම ඈත් වුණා..සුදු පාට ලොකු හූඩි එකකුයි ලොකු ස්වෙට් පෑන්ට් එකකුයි ජිමින් ජන්ග්කුක්ට දික් කලේ ජන්ග්කුක්ට හරියන වෙන ඇදුමක් තමන් ළග නැති නිසා..
ජිමිනුත් ග්‍රේ කලර් බැගී ටී එකකුයි ඇන්දත් නොඇන්දා වගේ පේන චූටි ශෝට් එකකුයි ඇදගත්තා..ඇදේ තිබ්බ ශීට් එකත් අයින් කරලා අලුත් ශීට් එකත් එලලා ජන්ග්කුක්ටත් ඇදුම් ඇදගෙන පහළට එන්න කියලා ජිමින් දෙන්නටම කොෆි හදන්න කිචන් ඒරියා එකට ගියා..
කිචන් ඒරියා එකට යන්න කලින් සාලෙ දාලා ඇවිත් තියෙන ෆෝන් එක අරගෙන කෝලස් චෙක් කරලා බැලුවෙ නම්ජූන් ආයෙත් කෝල් කරලද කියලා..
"ම්ම්හ්...හියුන්ග් හොඳ වෙලාවට කෝල් කරලා නෑ.."
ජිමින් එහෙම හිතන ගමන් ෆෝන් එකත් අරගෙන කිචන් ඒරියා එකට ගිහින් දෙන්නටම කොෆි හැදුවා.. ජන්ග්කුක් තාම පහළට ආපු නැති නිසා ජිමින් කොෆි දෙකයි ෆෝන් එකත් අරගෙන රූම් එකට ආවා...
ජිමින් එද්දී ජන්ග්කුක් හිටියෙ කෝල් එකක..පේන විදියට එයාගෙ ඔම්මත් එක්ක වගේ..
ජිමින් ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා ජන්ග්කුක්ගෙ කෝල් එක ඉවර වුනාම එයාට කොෆි එක දුන්නා..
දෙන්නම රූම් එකේ තියෙන couch එකේ වාඩි වෙලා වැස්ස වහින දිහා බලාගෙනම කොෆි දෙක බිව්වා..
කොෆි බීලා ඉවර වෙලා ජන්ග්කුක් ජීමින්වත් වඩාගෙන ඇදට ගිහින් තියලා එයාව බදාගෙන නිදාගත්තා..ජිමිනුත් ජන්ග්කුක්ගෙ තුරුලට වෙලා නිදාගත්තෙ වැස්ස නිසා දැනෙන සීතල ජන්ග්කුක්ගෙ තුරුලට වෙලා ඉද්දී නැති වෙලා යන නිසා..
.
.
.
රෑ හතට විතර ජිමින් ආයෙමත් ඇහැරුණේ එයාගෙ ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා..තමන්ව බදාගෙන ඉන්න ජන්ග්කුක්ගෙ අතක් හිමීට අයින් කරලා සයිඩ් ස්ටෑන්ඩ් එක උඩ තියෙන ෆෝන් එක අරගෙන කෝල් එක කාගෙන්ද කියලා බැලුවා..
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomanceIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀