Chapter 26🥀

758 196 50
                                    

පහුවදා උදේම ජන්ග්කුක් ඔෆිස් යන්න එද්දී පාරෙ හොදටම ට්‍රැපික් එක.. ජන්ග්කුක් ට්‍රැපික් එක අස්සෙ හිර වෙලා ඉද්දියි දැක්කා ජිමින්ගෙ වගේ ඡායාවක්...

"ඒ ජිමින් ද.....?"

බිම බලාගෙන ම පාර්ක් එක පැත්තට ඇවිදගෙන යන කොල්ලා දිහා බලාගෙන ජන්ග්කුක් කල්පනා කලා..

"දෙයියනේ ඒ ජිමින් නේද...?"

බැක් පැක් එකත් එල්ලන් යන ජිමින්ව ජන්ග්කුක් අදුන ගත්තා..

"මම එයාව හම්බවෙන්න ඕනෙ..."

එහෙම හිතලා ජන්ග්කුක් ට්‍රැපික් එක අස්සේ තියෙන කා එක හරවගෙන පාර්ක් එක ඇතුලට ඩ්‍රයිව් කලා..කා පාක් එකේ කා එක පාර්ක් කරලා පාක් එක ඇතුළට ආපු ජන්ග්කුක් ජිමින්ව හොයාගෙන ආවා..

"කෝ මෙයා...."

ඉණටත් අත් දෙක තියාගෙන ජන්ග්කුක් වට පිට බැලුවෙ ජිමින් කොහෙද ඉන්නේ කියලා..පාර්ක් එකේ නිදහස් කෙළවරකට ඇවිදගෙන යන ජිමින්ව දැකලා ජන්ග්කුක්ගෙ මූණෙ සතුටු හිනාවක් ඇදුණා..

ජන්ග්කුක් ජිමින් ළගට දුවලා ගිහින් උරහිසට අත තියලා කතා කලා..

"ජිමින්...."

"ඔයා...?"
ජිමින් ජන්ග්කුක්ගෙ පැත්ත හැරිලා පුදුම වුණ ස්වරයකින් ඇහුවා.."ඇයි එයා මාව හම්බවෙන්න අකමැති ද..?"ජන්ග්කුක් එයාගෙන් ම ප්‍රශ්න කලා..

"ඔව් මම..ඇයි ඔයා මාව හම්බවුණු එකට කැමති නැද්ද...?"
ජන්ග්කුක් ඇහුවෙ බිදුණු කටහඬකින්..

"නෑ එහෙම එකක් නෙමෙයි.. ඒත් මම මෙච්චර ඉක්මනට ඔයාව ආයෙත් හම්බෙයි කියලා හිතුවෙ නෑ...."

"හ්ම්...අපි ටිකක් කතා කරමු ද..?"
ජන්ග්කුක් ජිමින්ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන ඇහුවා..

"හ්ම්...."
ජිමින් ඔළුව වැනුවා..සතුටට එයාගෙ ඇස් දිලිසෙනවා.. ජන්ග්කුක් ඒ දිහා බලාගෙන හිටියෙ හරි ආසාවෙන්..

ජන්ග්කුක් ජිමින් එක්කම ඇවිත් බෙන්ච් එකක වාඩි වුනා..

"ම්ම්ම්... ඔයාට මොනාද කතා කරන්න තියෙන්නේ...?"

ජිමින් ජන්ග්කුක්ගෙ මූණ දිහා බලාගෙන ඇහුවා.. ජන්ග්කුක් නම් ගොඩක් නර්වස් වෙලා ඉන්නේ..කොතනින් හරි මේ කතාව පටන් ගන්න ඕන නිසා ජන්ග්කුක් ජිමින්ගෙ අතක් අල්ලගත්තා.. ජිමින් මුලින්ම පුදුම වුනත් ඒ බව පෙන්නන්නැතුව හිටියා..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now