ජිමින් ලස්සනට ලෑස්ති වෙලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා හැඩ බල බල ඉන්නකොට ජන්ග්කුක්ගෙන් කෝල් එකක් ආවා...
"හෙලෝ බබී...මං ඇවිත් ඉන්නේ...ඔයා එළියට එන්න....."
"හරි බබා....."
ජිමින් කෝල් එක කට් කරලා ආයෙ පාරක් එයා දිහා බලලා එයාගෙ petite malle bag එකත් අරගෙන රූම් එකෙන් ආවා..
ජිමින් දොර ඇරලා ගෙදරින් එළියට බහින්න හදනකොටම නම්ජූන් එයාට කතා කලා..
"ජිමිනි...මේ රෑ කොහෙද යන්නේ....."
"හියුන්ග්....මං ජන්ග්කුක් එක්ක එළියට යනවා...."
"අහ්.... පරිස්සමින් ජිමිනී...."
"ගුඩ් නයිට් හියුන්ග්...."
එහෙම කියලා ජිමින් ගෙදරින් එළියට බැස්සා..නම්ජූන් ජිමින් කාර් එකට නගින දිහා බලාගෙන ඉදලා දොර වහලා දැම්මා..ජන්ග්කුක්ගෙ කාර් එක ගේ ඉස්සරහ නවත්තලා තිබ්බා..ජිමින් ගිහින් පැසෙන්ජර් සීට් එකේ වාඩි වුනා.. ජන්ග්කුක් නම් ජිමින් දිහා ලස්සනට හිනා වෙලා බලාගෙන හිටියා..
ජන්ග්කුක් ජිමින් ළගට පාත් වුනාම එයා ඇස් පියාගත්තා..ජිමින් හිතුවෙ ජන්ග්කුක් එයාව කිස් කරන්න යනවා කියලා...ඒත් කිසිම කිස් එකක් ලැබුනෙ නැති නිසා ජිමින් ඇස් ඇරලා ජන්ග්කුක් දිහා බැලුවා..ජන්ග්කුක්ගෙ ඇස් කෙලින්ම ජිමින්ගෙ ඇස් වලට යොමු වෙලා තිබ්බා..
"කා එකට නැග්ගම මුලින්ම සීට් බෙල්ට් දාගන්න බබී....."
ජන්ග්කුක් ජිමින්ගෙ ඇස් දිහා බලාගෙනම කිව්වම ජිමින් රතු වුනේ එයා හිතපු විදිහ වැරදියි නිසා.. පුංචි ලැජ්ජාවක් ඇති වෙද්දි ජිමින් ජන්ග්කුක්ගෙ ඇස් වලින් ඇස් අහකට අරගෙන ෂටර් එකෙන් එලිය බලාගත්තා..
"බබී......."
ජන්ග්කුක් කතා කලාම ජිමින් එයා දිහාවට ඇස් අරගෙන ගියා..ඒ සැනින් ජන්ග්කුක් ජිමින්ගෙ තොල් උඩින් හාදුවක් තවරලා කම්මුලකටත් හාදුවක් තිබ්බා...
"ඒ වගේම ඔයාගෙ දේවල් අයිතිකරගන්නත් පරක්කු වෙන්න එපා..."
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomanceIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀