හවස් වෙලා ජිමිනුයි නම්ජූනුයි එයාලගෙ අප්පව හම්බවෙන්න ගියා..මිසිස් පාක් නම් ජිමින්ව දැකලා එයාව තද කරලා බදා ගත්තා..
"අනේ පුතේ...එනවා කියලා කිව්වෙත් නෑනෙ...."
"කියන්න බැරි වුනා ඔම්මා...."
"හ්ම්...ඒකට කමක් නෑ..මම බොන්න මොනවා හරි අරන් එන්නම්...."
එහෙම කියලා මිසිස් පාක් කිචන් එකට ගියා..මිස්ටර් කිම් සද්දෙ ඇහිලා එයාගෙ රූම් එකේ ඉදලා ආවා..නම්ජූන්වයි ජිමිනුයි දැකලා එයාගෙ මූණ සතුටු හිනාවකින් පිරුණා..
"අහ්...පුතාලා දෙන්නා...මොකද අපිව මතක් වෙලා....."
නම්ජූන්ගෙ අප්පා අහද්දි නම්ජූනුයි ජිමිනුයි මූණට මූණ බලාගත්තා..
"ඇයි පුතා මොකක් හරි ප්‍රශ්නයක් ද......"
"ප්‍රශ්නයක් නෙමෙයි අප්පා...අපි පොඩි දෙයක් ගැන කතා කරන්න ආවෙ......"
නම්ජූන් කියද්දි මිසිස් පාක් කූල් ඩ්‍රින්ක්ස් අරගෙන ඇවිත් ස'ව් කලා..
"ඔම්මා ඔයත් වාඩි වෙන්නකො........"
ජිමින් සෝෆා එක පෙන්නලා කිව්වා..
"අපි දෙන්නා ඩිවෝර්ස් වෙන්න යන්නේ....."
නම්ජූන් දැඩි කටහඩකින් කියද්දි මිස්ටර් කිම් වගේම මිසිස් පාකුත් පුදුමෙන් වගේ එයාලා දිහා බැලුවා.."මොකක්....?මොනාද පුතා මේ නම්ජූන් කියන්නේ...."
මිසිස් පාක් ජිමින්ගෙ අතකින් අල්ලගෙන ඇහුවා.."ඔව් ඔම්මා...අපි ඩිවෝර්ස් වෙනවා...."
"ඒත් ඇයි..ඔයාලා හොදට හිටියනෙ...දැන් මේ මොනාද කියවන්නෙ...."
"ඔම්මා කලබල වෙන්න එපා අහන්නකො...."
ජිමින් සම්පූර්ණ විස්තරේ පැහැදිලි කලා...
" ජිමින් කියන්නේ ඇත්ත...මං ඔයාලගෙ සතුට වෙනුවෙනුයි ජිමින්ව මැරි කලේ..ඒත් මට එයාව සතුටින් තියන්න බැරි වුනා..එයා මම නිසා ගොඩක් දුක් වින්දා අප්පා...මට එයාව ගොඩක් මිස් වුනා...මට සමාවෙන්න...."
නම්ජූන් කියද්දි මිස්ටර් කිම්ටයි මිසිස් පාක්ටයි ලොකු දුකක් ඇති වුණා එයාලා ගැනම...
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomanceIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀