Chapter 42🥀

691 181 90
                                    

ජින් එක්ක කතා කර කර ඉන්න නම්ජූන් නිකමට වගේ ජිමින් දිහා බලනකොට දැක්ක දේ නිසා අත මිටමොලවුනේ දත්මිටි කන ගමන්..

එක පාරටම නම්ජූන් ජින් ළගින් නැගිටලා යද්දී එයත් පුදුම වුනා..

"ජූන්.. කොහෙද යන්නේ....?"
ජිනුත් ඇස් දෙක ලොකු කරගෙන අහද්දි නම්ජූන් ඒක ගනන් ගන්නැතුව අඩි දෙක තුනට ජිමින් ඉන්න තැනට ආවා..

නම්ජූන් දැක්කෙ ජන්ග්කුක් ජිමින්ගෙ ඇගට හේත්තු වෙලා බෙල්ල කිස් කරනවා..ජිමිනුත් ඇබරෙද්දි එයා හිතුවෙ ජන්ග්කුක් ජිමින්ට කරදර කරනවා කියලා..

නම්ජූන් ජන්ග්කුක් ළගට ඇවිත් ජන්ග්කුක්ගෙ උරහිසින් අල්ලලා ජිමින්ගෙන් ඈතට තල්ලු කරලා දැම්මා..තල්ලු කරපු පාරට තව ටිකෙන් ජන්ග්කුක් බිම.බැලන්ස් කරගන්න පුලුවන් උන නිසා හොදයි..

ජන්ග්කුක් පුදුමෙන් වගේ නම්ජූන් දිහා බලද්දි නම්ජූන් ජන්ග්කුක් ළගට ගිහින් එයාගෙ කොලර් එකෙන් අල්ලගත්තා..

තමන්ගෙ පිටුපස තියෙන ජන්ග්කුක්ගෙ උණුසුම එක පාරටම නැති වෙද්දි ජිමින් පුදුමෙන් වගේ අනිත් පැත්ත හැරුනා..ඒ හැරෙද්දි නම්ජූන් ජන්ග්කුක්ගෙ කොලර් එකෙන් අල්ලන් ඉන්නවා දැකලා ජිමින්ට හීන් දාඩිය දැම්මා..

නම්ජූන් ජන්ග්කුක්ට අත උස්සන්න හදනකොටම ජිමින් කෑගැහුවා...

"එපා.......!! හියුන්ග් නවත්තන්න...."

ජිමින් නම්ජූන්ගෙ ළගට ගිහින් ඇස් වල කදුළු පුරෝගෙන ගහන්න එපා කියලා අතත් අල්ලගත්තා..

නම්ජූන්ගෙ පස්සෙන් ආව ජිනුත් මෙතන මොකක්ද වෙන්නේ කියලා බය වෙලා වගේ බලාගෙන හිටියා..වටේ ඉන්න බිස්නස්මන්ලත් මෙයාලා මෙහෙම හැසිරෙන එකට එච්චර කැමැත්තකින් නෙමෙයි හිටියෙ..

"නවත්තන්න...! මොනා නවත්තන්නද ආහ්.....මට ඇස් කන් පියාගෙන ඉන්න කියලද කියන්නේ ජිමින්....."
නම්ජූන් ජිමින්ටත් යකෙක් වගේ කඩාගෙන පැන්නා..නම්ජූන් මෙච්චර තරහ අරන් ඉන්නවා එයත් දැකලා නෑ.. ඉතින් ඒ කෑගැහිල්ලට ජිමිනුත් බය උනා..

"හියුන්ග්...එයාව අතාරින්න...ඔයා හිතනවා වගේ දෙයක් නෙමෙයි එතන සිද්ද වුනේ....."

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now