🔹03.හමුවීම

1K 208 36
                                    

ස්කූල් ඉවර වෙනකම් බලන් හිටපු යුන්ගි තමන්ගෙ ලොකර් එක තියෙන තැනට යන ඔලීවියව නවත්තගෙන එයාගෙ අතින් චිට් එකක් තිබ්බා.ඒකෙ තිබ්බෙ යුන්ගිගෙ ෆෝන් නම්බර් එක.

"Text me.."කියලා ඔලීවියගෙ කනට මුමුණපු යුන්ගි තමන්ගෙ මූණෙ මද සිනහවක් රදව ගෙන හෝසොක්ගෙ කරට අත දාගෙන එතනින් ගියා.

යුන්ගි දීපු චිට් එක දිගෑරිය ඔලීවියා දගකාර හිනාවක් තොල් අතර රදවගෙන එක අතකින් තමන්ගෙ මූණට වැටිලා තියෙන කෙස් කැරැල්ල කන පිටිපස්සේ රදවගන්න ගමන් හෝසොක්ගෙ කරට අත දාගෙන යන යුන්ගි දිහා බලන් හිටියා.ඔලීවියාට මේ වගේ දේවල් පුදුමයක් නොවුනත් ස්කූල් එකට ආපු මුල් දවසෙම කොල්ලෙක් තමන්ට කැමැත්ත ප්‍රකාශ කිරීම සතුටට කරුණක් උනා.

_________________________________

ඔලීවියාට චිට් එක දීලා යුන්ගි හෝසොක් ගෙ කරටත් අත් දාගෙන ආවෙ ස්කූල් ගේට් එකෙන් එලියට.

"අන්න යුන්ගියා ජන්ග්හියුන් අංකල්...ඒ බන් තව කවුද ඉන්නවා නේද පැසෙන්ජර් සීට් එකේ....හැන්ඩ්සම් කොල්ලෙක්...කවුද ඒ.."
හෝසොක් කිව්වෙ යුන්ගිගෙ අප්පත් එක්ක ඉන්න පුද්ගලයා පෙන්නන ගමන්.

"ඒකනෙ බන්..මම නම් මීට කලින් දැකලා නෑ..ගිහින්ම බලමුකෝ කවුද කියලා.."එහෙම කිව්ව යුන්ගි හෝසොක් එක්ක ආවෙ තමන්ගෙ අප්පගෙ කාර් එක ළගට.

"අප්පා අද හෝසොක් අපිත් එක්ක එනවා.."
සීට් එකේ වාඩි වෙලා ජන්ග්හියුන්ට කියපු යුන්ගි තමන්ගෙ බෑග් එක ගලවලා සීට් එක උඩින් දැම්මා..

හා කියලා තමන්ගෙ ඔලුව වනපු ජන්ග්හියුන් හෝසොක් එක්ක කතාවට වැටුණා.

"හෝසොක් පුතා..දැන් අප්පට කොහොමද..අප්පගෙ අසනීපෙ දැන් අඩුයි ද.."

"ඔව් අංකල්..දැන් අප්පට ටිකක් හොදයි.."

"හ්ම්.. එහෙනම් හොදයි..."

හෝසොක්ගෙයි යුන්ගිගෙ අප්පගෙයි කතාව අතරින් යුන්ගිගෙ තියුණු බැල්ම යොමු උනේ පැසෙන්ජර් සීට් එකට වෙලා ෂටර් එකෙන් එළිය බලාගෙන යන නාදුනන පුද්ගලයා දිහාවට..තමන්ගෙ හිතේ තියෙන චකිතය නිසාම ඒ ඉන්නෙ කවුද කියලා යුන්ගි අප්පගෙන් ඇහුවා..

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now