🔹16.අමුතු හැඟීම

1K 198 52
                                    

ජන්ග්කුක්ගෙ කාමරෙන් තමන්ගෙ කාමරේට ආපු යූන්ගි දොරත් වහලා දාලා ඇඳට පැන්නා..එයා හිටියෙ නොසන්සුන් වෙලා..එයා ටිකකට කලින් ජන්ග්කුක් එක්ක කරපු දේ ගැන එයාට හරි හැටි විශ්වාසයක් තිබ්බෙ නෑ..

"මම එයාව කිස් කලා නේද...ඒකත් මගේම කැමැත්තෙන්.....ඔව් දෙයියනේ මම සම්චොන්ව කිස් කලා........"

යූන්ගි ඇද විට්ටමට හේත්තු වෙලා කොට්ටෙක් ඔඩොක්කුවට අරගෙන කෙස් අතරින් ඇගිලි යවන ගමන් කල්පනා කලා..එයා තාමත් පුදුමෙන්..

"යාහ් යුන්ගි....උබට නම් දැන් පිස්සු තද වෙලයි තියෙන්නේ...ඇයි ඒ මනුස්සයව කිස් කරන්න ඕනෙ කිව්වෙ....?"

යුන්ගි එයාගෙ මූණට වැටිලා තියෙන කෙස් අතින් පිටිපස්සට කරන ගමන් කල්පනා කලා..

තමන්ම ජන්ග්කුක්ගෙ තොල් පැය බාගයක් විතර සිපගත්ත විදිය එයාට මතක් උනා..ඒ මතක ඔලුවෙ සැරිසරද්දි යුන්ගිගෙ බඩ ඇතුළෙ සමනල්ලු පියාබනවා වගේ හැගීමකින් පිරිලා ගියා..

එයාට අමුතු සතුටක් ඇති උනා.. කෙල්ලෙක් එක්ක ඉද්දිවත් දැනිලා නැති අමුතු සතුටකින් එයාගෙ මුලු හදවතම පිරිලා ගියා..

එහෙම්මම ඇදෙන් නැගිට්ට යුන්ගි බාත්රූම් එකට දුවලා ගිහින් මිර (ර්) එක ඉස්සරහ හිට ගත්තා..

කිස් කරලම රතු වෙලා තියෙන තොල් දිහා ටික වෙලාවක් එයා බලාගෙන හිටියා..හිමීට ඒ තොල් උඩ ඇගිලි අරන් යන ගමන් එයා එයා එක්කම හිනා උනා..

"මට....."

"මට සතුටුයි........."

"ඒත් ඇයි.......?"

ජන්ග්කුක් ගැන අමුතු හැඟීමකින් හිත ඇතුලේ ඇති වෙද්දි යූන්ගි සීතල වතුරෙන් එයාගෙ මූණ හෝදගත්තෙ ඒ හැගීම දිය කරලා දාන්න හිතාගෙන..

තවත් විනාඩි දහයකට විතර පස්සේ යූන්ගි බාත්රූම් එකෙන් දතුත් බ්‍රෂ් කරගෙන එලියට ආවා.. පාඩම් කරන්න හිත එකග කරගන්න බැරි නිසා එයා ලයිට්ස් ඕෆ් කරලා නින්දට වැටුණා..

විනාඩි කිහිපයක් ඇද උඩ පෙරළි පෙරළි ඉදලා යූන්ගිට නින්ද ගියේ කොට්ටෙත් නින්දෙන්ම පපුවට තුරුළු කරගෙන..


__________________________᪥______________________

To be continued...

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now