🔹26.Let me love you...!!

1.5K 209 121
                                    

" පුතා..."

" ඇයි ඔම්මා...?" ජීඑවුන්ගෙ කටහඬ ඇහෙද්දි යූන්ගි ඔළුව උස්සලා දොර දිහා බැලුවා.කාමරේට ආව ජීඑවුන් එයාගෙ අතේ තිබ්බ බ්ලැන්කට් එක යූන්ගිගෙ ඇඳ උඩින් තිබ්බා.

" අද ජන්ග්කුක් ඔයා එක්ක නිදාගන්නෙ..එයාට කරදර කරන්නෙ එහෙම නෑ....."

" ඈහ්...!! මොකා !! ඔම්මාහ්හ්හ්...!! " ඉද්ද ගැහුවා වගේ ඇඳ උඩ කෙලින් උන යූන්ගි ඔම්මගෙ මූණ දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියෙ ඒ කතාව අහලා කටේ කෙලත් හිදෙනකොට.

" මොකද ළමයො..."

" ඇයි..ඇයි එයා මගෙ රූම් එකට එන්නෙ...?" දහසක් සිතුවිලි හිතට ගලාගෙන එද්දී යූන්ගි අහිංසකයෙක් වගේ ඇහුවා.

" එයාගෙ රූම් එකේ ඒසී එක කැඩිලා.. ජන්ග්කුක් අවම විකාර නටන්න එහෙම තියාගන්න එපා..ඒ මනුස්සයට නිදාගන්න දෙනවා..හරිද යූන්..."

" ම්ම්..." යූන්ගි ඔළුව වනද්දි යූන්ගිගෙ ඇස් වලට සැර බැල්මක් දාපු ජීඑවුන් යූන්ගිගෙ කාමරෙන් යන්න හැරුණා.

" ඔම්මා...ඔයාට බැරිද එයාව ඔයාලගෙ රූම් එකේ තියාගන්න..."

" යූන්න්...!! " ජීඑවුන් කෑගහගෙනම ආයෙමත් යූන්ගි දිහා බැලුවා.

" ආ කමක් නෑ ඔම්මා..ගුඩ් නයිට්..."

ඔම්මා යූන්ගිට රවලා කාමරෙන් ගියහම යූන්ගි ඇඳේ හෙඩ් බෝඩ් එකට ඔළුව තියාගත්තෙ අද මුළු රෑම එයාගෙ ඇඟ තඩි සම්චොන් එක්ක ඉන්න වෙන නිසා.

' ඉස්සරහට මොනවා වෙයිද..?

එයා මට මොනා හරි කරොත්...?

හුවෑ..මම ඔම්මා එක්ක නිදාගන්නවා...'

ඇස් පියාගෙන හූල්ලමින් හිටිය යූන්ගි එයාගෙ කාමරේ දොර වැහෙන සද්දෙට ඇස් ඇරලා දොර දිහා බැලුවම දොර ළග හිටගෙන හිටිය ජන්ග්කුක් යූන්ගිගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඉදලා අනිත් පැත්ත හැරිලා දොර ලොක් කලා..

" ඇ..ඇයි දොර ලොක් කලේ...?" යූන්ගි ඇස් දෙක ලොකු කරගෙන ඇහුවා.. අමුතු බයක් හිතට දැනෙන නිසා යූන්ගිගෙ ඇඟෙන් දාඩිය බිංදුත් බේරෙමින් තිබුණෙ වතුර ගලනවා වගේ..

" අපිට සැපට නිදාගන්න..."

' හීහී..සැපට නේද..ඇයි සැපට නිදාගන්න දොර ලොක් කරන්නේ.. අපිට කවුරුත් කරදර කරන්නෑනෙ...?' ඒ වචන ටික යූන්ගිගෙ හිත ඇතුලෙ කෑගැහුවත් එලියට පැන්නෙ නෑ..

You've reached the end of published parts.

⏰ Last updated: Apr 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now