Yoongi POV..
ඔම්මලා ගියාට පස්සෙ මම කිචන් එකට ඇවිත් උයලා තිබ්බ කෑම චුට්ටක් නිවිලා වගේ නිසා ඒවත් රත් කරගෙන කෑවා..කාලා ඉවර වෙලා මං රූම එකට ආවෙ හෝම් වර්ක් ටික ඉවර කරලා පාඩම් කරන්න හිතාගෙන..
පැය බාගෙකට විතර පස්සේ මම හෝම් වර්ක් ටික ඉවර කරලා පාඩම් කරන්න පටන් ගත්තා.එතකොට වෙලාව රෑ අට හමාරයි..
පැය බාගයක් විතර මම පාඩම් කර කර ඉන්නකොට එළියෙ හොදටම වහින්න ගත්තා..ඒ මදිවට හොදටම අකුණුත් ගහනවා.
පාඩම් කරන එක පැත්තක තියලා මං එළියෙ එහින දිහා බලාගෙන හිටයෙ ඇග පුරා අමුතු හිරියක් යද්දී..
ඒත් එක පාරටම පවර් කට් එකක් සිද්ද වෙච්චි හින්දා මම හොදටම බය වුනා..ගෙදර ඔම්මලා ඇත්තෙත් නෑ...ඒ මදිවට දම්පාටට විදුලි කොට කොට හොදටම වහිනවා..
ටේබල් එක උඩ තිබබ ටෝර්ච් එකත් අරගෙන මං ඇඳට ගියේ අකුණු ගහනවට හොදටම බය නිසා..ලයිට් තිබ්බනම් කමකුත් නෑ..ඒත් කරුමෙට ඒකත් කපලා ගියානෙ..
ඩුවට් එකත් බෙල්ල ගාවට වෙනකම්ම පොරවගෙන ඉද්දි අමුතු හෙවනැල්ලක් බිත්තිය දිගේ ඇදෙනවා මම දැක්කා..
"දෙයියනේ හොල්මනක් ද....?"
මගෙ හදවතත් හොදටම ගැහෙනවා බයටම...ඇයි මටම මෙහෙම වෙන්නෙ..
ඒ එක්කම හෙන සද්දෙට අකුණක් ගැහුවෙ මගෙ මුලු ඇගම බයෙන් වෙව්ලද්දි..
"මට බයයි....."
"සම්චොන්....!!!"
මට මතක් වුණේ ජන්ග්කුක් සමචොන්ව...මෙතන මෙහෙම ඉදලා බයටම හාර්ට් ඇටෑක් හැදිලා මැරිලා යනවට වඩා සම්චොන් ගාවට යන එක සැපයි..
එහෙම හිතලා මං ටෝර්ච් එකත් අරගෙන හිමීට කාමරෙන් එළියට ආවෙ සම්චොන්ගෙ කාමරේට යන්න හිතාගෙන.
හිමීට අඩි තිය තිය මම එයාගෙ කාමරේ දොර ගාවට ගිහින් නැවතුනා..ඒ එක්කම මහ සද්දෙන් අකුණක් ගහපු නිසා මම රූම් එක ඇතුලට ආවා..
"ඔයා.....?"
එයා පුදුමෙන් වගේ ඇඳ උඩට වෙලා මම දිහා බලාගෙන ඉන්නවා..
"ස්... සම්චොන්...එළියෙ අකුණු ගහනවා...."
"ඉතින්....?"
ඉතින් කියන්නේ..මේ මනුසස්යට කිසිම හිතක් පපුවක් නැද්ද බයේ වෙච්ලන මම ගැන... අපරාදෙ ආවෙ..
"ඩෝං......!!!!!"
ඒ එක්කම මහ සද්දෙන් අකුණක් ගැහුව නිසා බයටම මම සම්චොන්ගෙ ඇදට පැන්නා..ටෝර්ච් එළිය නිසා ලාවට පේන එයාගෙ මූණෙ පුදුම වෙලා බලාගෙන ඉන්න ස්වරූපයක් තිබ්බේ..
"ඩෝං.....!!"
එකපාරටම...............,
__________________________᪥______________________
To be continued...
YOU ARE READING
Playful Little One | ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈ
Romanceබෑනගෙයි බාප්පගෙයි අතර ඇතිවෙන රොමෑන්ටික් ලව් ස්ටෝරිය.. කියවලම බලන්න 👀❤️ 21+✅ Hot✅ Smute✅ Romance ✅ Love story ✅