🔹04.නපුරු පොඩි එකා

1.1K 210 11
                                    

Jungkook pov.

අවුරුදු දහතුනකට පස්සේ කොරියාවට ආවෙ අද....ඒකත් අප්පගෙ බලකිරීම නිසා..අප්පා කිව්වා කොරියාවට ගිහින් හියුන්ග්ට බිස්නස් බලාගන්න උදව් කරන්න කියලා..US වල බිස්නස් අප්පට තනියම handle කරගන්න පුලුවන් කියලා කොරියා වල තියෙන බිස්නස් තව ඩිවලොප් කරන්න කියලයි මාව එව්වෙ..

මං කොරියාව එනවා කියලා හියුන්ගට ඔම්මා කියලයි තිබ්බෙ...මාව අදුන ගන්න බැරි වේවි කියලා මගෙ ෆොටෝස් වගයකුත් ඔම්මා හියුන්ගට යැව්වා කිව්වා.

ෆ්ලයිට් එකේ එනගමන් මං කල්පනා කලේ මේ දේවල් ගැන..ෆ්ලයිට් එක එයාර්පෝට් එකේ ලෑන්ඩ් කලාම ෆ්ලයිට් එකෙන් එලියට ඇවිත් හොඳ හුස්මක් ගත්තා...

"හ්ම්ම්....කොරියාව ගොඩක් වෙනස් වෙලා...."

ලගේජ් එකත් අරන් යද්දී මං දැක්කා හියුන්ග් ඉන්නවා...එයා තාමත් ඉස්සර වගේමයි....හියුන්ග්නුත් මාව අදුන ගෙන මං ළගට දුවගෙන ඇවිත් හග් කලා..

"ඉතින් කොහොමද කුකී....දැන් ලොකු ඉලන්දාරියෙක් නෙ....මටත් වඩා උසයි ද මංදා..."

හියුන්ග් එහෙම කිව්ව මං එයාට ලාවට හිනා උනා..

"අවුලක් නෑ හියුන්ග්....දැන් නූනට එහෙම කොහොමද.... හැමෝම හොදින් නේද..."

"ඔව් ඔව්... ඔක්කොම හොදින්.. ගිහින් ම බලමුකො...."

හියුන්ග් එක්ක ඉස්සරහට ඇවිදන් ගිහින් කා එක අරන් එනකම් මට එතන ඉන්න කිව්වා..හියුන්ග් ආවට පස්සේ අපි පිටත් උනා..

හියුන්ග් එක්ක යද්දී මගෙ අවධානෙ යොමු උනේ වටපිටාවෙ තියෙන දේවල් වලට..හියුන්ග් කතා කරපු නිසා මගෙ අවධානෙ වෙනස් උනා.

"කුකී...."

"ඇයි හියුන්ග්..."

"ඔයාට අවුලක් නැත්තම් පුතාව ගන්න හයි ස්කූල් එකට ගියාට කමක් නෑනෙ..."

"ම්...කමක් නෑ හියුන්ග්....ඕක මගෙන් අහන්න දෙයක් ඈ ."

"ෆ්ලයි කරලා මහන්සි ඇති කියලයි මං ඇහුවෙ..."

විනාඩි දහයක විතර ගමනකින් පස්සේ හියුන්ග් කා එක හයිස්කූල් එකක් ළග නතර කලා..ටිකකින් කොල්ලො දෙන්නෙක් කා එක ළගට ආවා..

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now