🔹19.හදවත

1.1K 205 73
                                    

යූන්ගිගෙ පිටිපස්සෙන් ආපු උගුර පාදන සද්දෙ නිසා එයා එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවා..

"ඔයා.....? ඔයා ඇයි මගෙ රූම් එකට ආවෙ....."

"ම්ම්ම්...ඔයාව බලලා යන්න ආවෙ...."

"මාව....? මාව බලන්න මොකද ඔයා එන්නේ සම්චොන්.....?"
යූන්ගි ඇහිබැමත් හීනි කරලා ඇහුවා..

"මට නිකමට බලන්න හිතුනා...."

එහෙම කියලා ජන්ග්කුක් අත් දෙකත් බැඳගෙන යූන්ගිගෙ ටේබල් එකට හේත්තු වුනා..යූන්ගිගෙ හදවත නම් දැන් අසාමාන්‍ය විදිහට ගැහෙනවා..

ජන්ග්කුක් යූන්ගිගෙ පොත් වල තියෙන පාඩම් වලට ඇස් අරගෙන ගියා..එයා පිටු දෙකකුත් පෙරලලා බැලුවා..

"Indicators and logarithms (දර්ශක හා ලඝුගණක)...ලේසීනෙ..."
ජන්ග්කුක් පාඩමේ නමත් කියලා යූන්ගි දිහාවට නෝක්කාඩු බැල්මක් දැම්මා..

"ලේසියි......මේක........?"
යූන්ගි පොතට ඇගිල්ලෙන් ඇනලා කිව්වා..

"හ්ම්....ඔව්....ඔයාට කියලා දෙන්නද පුතා......."

ජන්ග්කුක් එහෙම කියලා යූන්ගිගෙන් උත්තරයක් ලැබෙනකන් දිවෙන් කට ඇතුල තෙරපන ගමන් බලාගෙන හිටියා..

මේ පාර ලකුණු අඩු උනොත් අප්පගෙන් පනිෂ්මන්ට් හම්බෙන නිසා යූන්ගි ඒකට එකඟ වෙන්න තීරණේ කලා..

"හ්ම්...ඔයාට පුලුවන් නම් කියලා දුන්නට කමක් නෑ...."

"ඕකේ....පුතා..."

ජන්ග්කුක් අන්තිම ටික ටිකක් ඇදලා වගෙයි කිව්වෙ..යූන්ගිට නම් ජන්ග්කුක් තමන්ට පුතා කියන එක එපා වෙලයි තිබ්බෙ..

"සම්චොන් ඔයා මුලින්ම මට පුතා කියන එක නවත්තන්න...ඒක මට වදයක්...."

"එහෙනම් මොකක්ද කියන්නේ....බබා කියන්න ද....?"
ජන්ග්කුක් හිනා වෙන ගමන් ඇහුවා..

"අනේ මේ සම්චොන්...මම බබෙක් නෙමෙයි...මට යූන්ගි කියන්න....අනික ඔයා මට වඩා අවුරුදු අටනෙ වැඩිමල්..."

"ඕකේ...මං උත්සහ කරන්නම් නපුරු කොල්ලො...."
ජන්ග්කුක් යූන්ගිගෙ රතු වෙලා තියෙන නහයට තට්ටුවක් දාලා කිව්වා..

ජන්ග්කුක් යූන්ගිගෙ ළගින් වාඩි වෙලා එයාට පාඩම් පැහැදිලි කලා...යූන්ගිටත් වෙනදට වඩා තේරුනා.. හැබැයි ජන්ග්කුක් පාඩම කියලා දෙන අතරතුරේ එයා දිහා බලාගෙන ඉන්න එකනම් යූන්ගිට අපහසුවක් උනා..

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now