🔹17.වෛරස් එක

977 206 84
                                    

පහුවදා උදේ යුන්ගිගෙ ඔම්මා යුන්ගිගෙ රූම් එකට ඇවිත් ස්කූල් යන්න නැගිටින්න කියලා කතා කලා..ඒත් යූන්ගිනම් තාම ඩුවට් එක අස්සේ ගුලි වෙලා හොදටම නිදි..

"පුතා..කෝ නැගිටින්නකො...දැන් හොදටම පරක්කු වෙලා තියෙන්නේ...."

යුන්ගිගෙ ඔම්මා ඩුවට් එකත් යුන්ගිගෙ ඇගෙන් අයින් කරලා කතා කලා..

"හ්ම්...තව චුට්ටකින් එන්නම් ඔම්මා....."

යුන්ගි ආයෙමත් ඩුවට් එක අරගෙන පොරවගත්තා..

"කෝ ඉතින් නැටින්න...දැන් හයත් පහු වෙලා...."

ජී එවුන් යුන්ගිගෙ ඔලුව අතගාන ගමන් කතා කලා...එතකොට එයාට යුන්ගිගෙ ඇග ටිකක් විතර රස්නෙයි කියලා තේරුණා..එයා නළලට හොදින් අත තියලා පරික්ෂා කරලා බැලුවා..

"කොල්ලට හොදටම උණ..."ජී එවුන් හිතින් හිතලා තවත් යුන්ගිව ඇහැරවන්නැතිව නිදාගන්න දීලා රූම් එකෙන් එළියට ආවා..

එයා කිචන් එකට ගිහින් යුන්ගිට බොන්න සුප් එකක් හදද්දි ජන්ග්කුක් ඩයිනින්ග් ටේබල් එකට ඇවිත් වාඩී වෙනවා දැක්කා..ජීඑවුන් ජන්ග්කුක්ට ටී එකත් හදලා ළගට ගිහින් දුන්නා..

"නූනා පේන් කිලර්ස් තියේද....?"

ටී එක දීලා යන්න හදන ජීඑවුන්ගෙන් ජන්ග්කුක් නළල අතගාන ගමන් ඇහුවා..

"ඇයි කුකී මොකක් හරි අසනීපයක් ද...?"

"ඇගට ටිකක් අමාරුයි වගේ නූනා....පේන් කිලර් එකක් බිව්වම හරි යයි...."

ජන්ග්කුක් කිව්වත් ජීඑවුන් ජන්ග්කුක් ළගට ඇවිත් නළලට අත තියලා බැලුවා..

"හොදටම උණනෙ කුකී..."

එහෙම කියලා ජීඑවුන් ජන්ග්කුක්ගෙ බෙල්ලටත් අත තියලා චෙක් කලා..

"ඔව් උණ තමයි...යුන්ගිටත් හොදටම උණ...."

"යුන්ගිට...?"

ජන්ග්කුක් පුදුමෙන් වගේ ඇස් ලොකු කරගෙන ඇහුවා..

"හ්ම්....ඊයෙ රෑ පවර් කට් එක නිසා බයටම උණ අරන්ද දන්නෑ...ඒත් කුකී ඔයාටත් උණ හැදුන එකනෙ පුදුමෙ...."

"අහ්...ඒකනෙ... වෛරස් එකක් ද දන්නෑ...."

"හ්ම්...ඕක බොන්නකො...මං ඩොක්ටර්ට කෝල් කරලා කියන්නම්...."

ජීඑවුන් එහෙම කියලා ලිපේ තියෙන සුප් එක බලන්න ගියා..

ජන්ග්කුක් ටී එකත් බීලා ඇගට හරි නැති නිසා එයාගෙ රූම් එකට යන්න ආවා..ඒත් යුන්ගිගෙ රූම් එක ළගින් යද්දී ජන්ග්කුක්ට යුන්ගිට කොහොමද කියලා බලන්න හිතුනා.

එයා හිමීට යුන්ගිගෙ රූම් එකට ඇවිත් දොර වහලා ඩුවට් එකත් පොරවගෙන නිදාගෙන ඉන්න යුන්ගි දිහා බලාගෙන හිටියා.. ජන්ග්කුක් හිමින් හිමින් යුන්ගි ළගට ගිහින් තදින් පියවිලා තියෙන යුන්ගිගෙ හීනි ඇස් දිහා බලාගෙන හිටියා...

"ලස්සනයි....!!"
එයාගෙ කටින් පීට උනා..

ජන්ග්කුක් හිමීට යුන්ගිගෙ නළලට අත තියලා උණ බැලුවා..එයාට හොදටම උණ..

යුන්ගිගෙ සුදු මැලි වෙලා තියෙන කම්මුලක් උඩ ජන්ග්කුක් හිමීට එයාගෙ මාපට ඇගිල්ලෙන් පිරිමද්දින්න ගත්තා..ඒවා උණුසුම්..

ජන්ග්කුක් හිමීට ඒ කම්මුලක් උඩින් චූටි හාදුවක් තියලා ඉක්මනට රූම් එකෙන් එලියට ආවා..

ඒත් එයා දන්නෑ යුන්ගි ඇහැරිලයි හිටියෙ කියලා..

කාමරෙන් යන ජන්ග්කුක් දිහා යුන්ගි බලාගෙන ඉදලා එයා ගියාම යුන්ගිගෙ අත් ජන්ග්කුක් කිස් කරපු කම්මුල් උඩට ගියේ වෙව්ලන ගමන්..

යුන්ගි ඒ උඩ හිමීට ඇගිලි අරගෙන ගියා.. ජන්ග්කුක්ගෙ හාදුවෙන් යුන්ගිට සහනයක් දැනුනා..අමාරු නිසාම එයා ආයෙමත් ඇස් දෙක පියාගෙන නිදාගත්තා..

_____________________

ඩොක්ටර් ඇවිත් යුන්ගිවයි ජන්ග්කුක්වයි චෙක් කරලා ජීඑවුන් ළගට ආවා..

"බය වෙන්න දෙයක් නෑ මිසිස් ජියෝන්..එයාලට හැදිලා තියෙන්නේ පොඩි වෛරස් උණක්..ඒක කෙල බිදිති වලින් තමයි පැතිරෙන්නේ... ගොඩක් දරුණු එකක් නෙමෙයි.. හැබැයි දවසක් විතර ගොඩක් තදටම උණ තියෙයි....මං බෙහෙත් වර්ග කීපයක් දෙන්නම්..උණ ගොඩක් වැඩි උනොත් එයාලට දෙන්න...."

ඩොක්ටර් එහෙම කියලා ජීඑවුන්ට බෙහෙත් ටිකත් දීලා යන්න ගියා..ජීඑවුන් කල්පනා කලේ මෙයාලට වෛරස් එක බෝවුනේ කොහොමද කියලා..

"කෙල බිදිති වලින් පැතිරෙන වෛරස් එකක් කොහොමද මේ දෙන්නට හැදුනෙ...එක්කො කෑම මොනවා හරි එකට කෑවද දන්නෑ...."

ජී එවුන් එහෙම හිතලා බෙහෙත් ටික මෙඩිසින් බොක්ස් එකට දැම්මා.. පස්සේ ජන්ග්කුක්ගෙයි යුන්ගිගෙයි නළලවල් වලින් තෙත රෙදි කෑල්ලක් තිබ්බෙ ඉක්මනට උණ බහීවි කියලා හිතාගෙන..

යුන්ගිගෙයි ජන්ග්කුක්ගෙයි දවසම ගත වුනේ තම තමන්ගෙ කාමර වල ඩුවට් එක අස්සෙ ගුලි වෙලා..





_________________________᪥_______________________

To be continued..

Vote & Comment..🙂💔



Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now