වසර 13 කට පසු...
"යාහ්.. යුන්ගියා...මොකෝ මේ මූන ඇද වෙලා...අදත් අප්පගෙන් බැනුම් ඇහුවද..?"යුන්ගි මූණත් ඇද කරගෙන ක්ලාස් රූම් එකට එනකොට මගදි හම්බුන හෝසොක් ඇහුවෙ යුන්ගිගෙ කරට අත දාගන්න ගමන්..
"මොකෝ මේ..අද කට ලෙෆ්ට් ද.."
"අනෙ එහාට පලයන් බන්...ගිනි තියන්නැතුව..ටිකක් හිමීට කතා කරපන්කො..බලහන් කෙල්ලොත් අමුතු විදියට බලනවා..තොගෙ කට නම් වක්කඩක්..ඇත්තමයි.."
"උබට මගෙ කටෙන් වැඩක් නෑනේ.. අනික කෙල්ලො බලන්නේ මේ හැන්ඩ්සම් කොල්ලා දිහා.."හෝසොක් එක අතකින් තමන්ගෙ කොන්ඩෙ තුලින් ඇගිලි යවලා කිව්වා.
"දැන්වත් ප්‍රශ්නෙ මොකක්ද කියහන්.. ඇටිකෙහෙල් කාපු එකා වගේ ඔරවන් ඉන්නැතුව.."
"අප්පට රිපෝර්ට් කාඩ් එක අහුවුනා..සබ්ජෙක්ට්ස් වලට මාක්ස් අඩුයි කියලා බැන්නා.. පස්සේ ඉතින් අප්පගෙ දිග ලෙසන් එක..."
"ඒ ලෙසන් එක හැමදාම දෙනවනෙ..ඒත් අද මොකෝ මේ මූන අච්චාරු වෙලා.."
"මේ පාර හැම සබ්ජෙක්ට් එකටම A passes තිබ්බෙ නැත්තම් යාලුවොත් එක්ක එලියට යන්න දෙන්නෑ කිව්වා..ස්කූල් එකෙන් හවුස් එකට හවුස් එකෙන් ස්කූල් එකට.."
"ඕකනෙ ඉතින්..මං උබට කිව්වා පාඩම් කරන්න කියලා...උබත් ඉතින් කෙල්ලොන්ට පැණිය දදා ඉන්නවනෙ ඇබලයා වගේ..."
"පාඩම් කරනවා කියලා උබ කියන්නේ පොත් ටික කන්න කියලද ඕයි...අනික මැත්ස් වලට විතරයි B pass එකක් තියෙන්නෙ..අනිත් හැම එකකටම A...ආෂ්...I hate maths..f##k"
"ඔච්චර තරහ ගන්න එපා බන්..අද ඉදන් වත් ලෙසන් එකට හරියට ෆෝකස් කරපම්..වටේ ඉන්න කෙල්ලොන්ගෙ බොඩි පාට්ස් කම්පෙයා කරන්නැතුව.."හෝසොක් ඒකනම් කිව්වෙ යුන්ගි එක්ක ක්ලාස් එකට ඇවිල්ලා තමන්ගෙ සීට් එකේ වාඩි වෙලා කුපාඩි විදියට හිනා වෙන ගමන්..
ඒකට නම් යුන්ගිගෙ කට කොනිනුත් හිනාවක් ඇදුනා.
දෙන්නා එක්ක කතා කර කර ඉද්දී එතනට ආවෙ කායි..
"ඒ යුන්ගියා හෝසොකා...හොට් හොට් නිවුස්..."කායි කිව්වෙ ඩෙස්ක් එක උඩින් අත් දෙක තියලා සෝප් ඩබලගෙ මූණ දිහා බලාගෙන.
YOU ARE READING
Playful Little One | ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈ
Romansබෑනගෙයි බාප්පගෙයි අතර ඇතිවෙන රොමෑන්ටික් ලව් ස්ටෝරිය.. කියවලම බලන්න 👀❤️ 21+✅ Hot✅ Smute✅ Romance ✅ Love story ✅