🔹18.මැත්ස් පාඩම

987 196 47
                                    

යුන්ගියි ජන්ග්කුකුයි දවස් දෙකක් යනකම්ම ඇඳට වෙලාමයි හිටියෙ..දවස් දෙකකට පස්සෙ එයාලට හොදටම හොඳ උනා..යුන්ගිට නම් ස්කූල් එකේ වැඩ මගෑරිලා ඒවා කම්ප්ලීට් කරන්නත් තියෙන එක ගැන අවුලෙන් හිටියෙ..ඒ මදිවට මැත්ස් පීරියඩ් එක දවස් දෙකක්ම කට් උනානෙ...

ක්ලාස් එකේ වාඩි වෙලා හිටය යුන්ගිට මතක් උනේ කලින් පාර රිපෝර්ට් කාඩ් එක බලලා අප්පා කියපු දේ..

මේ යන විදියට මැත්ස් වලට මේ පාර සී එකක් කියලා එයාට හොදටම ෂුවර්..

"ඒ යූන්ගියා...මොකෝ මේ බර කල්පනාවක උදේ ඉදන්...."

හෝසොක් ඇහුවෙ පැය බාගෙක විතර ඉදන් මූණට අතත් තියාගෙන කල්පනාව වැටිලා ඉන්න යූන්ගිගෙන්..

"හ්ම්..........."

"හ්ම්.. නෙමෙයි... මොනාද ඔච්චර උබ කල්පනා කරන්නේ...."

"මැත්ස් බන්....මේ පාර නම් සී තමා....යකාගෙ උණක්නෙ මටත් හැදුනනෙ...දැන් මේ පාඩම් ඔක්කොම අච්චාරු වෙලා තියෙන්නේ...."

"මම උබට කියලා දෙන්නද...?"

"එපා බන්...උබ කියලා දුන්නොත් පුලුවන් ටිකත් බැරි වෙයි...."

යුන්ගි හිනාවෙන ගමන්ම හෝසොක්ට කියලා දැම්මා..

"ඕකනෙ ඉතින්..උබට උදව් කරන්න ගියත් කුණු කතා.....එහෙනම් මගෙ නෝට් ටිකවත් ලියාගනිම්...."

"හාහා...කෝ දියන්...මං ගෙදර ගිහින් ලියාගන්නම්....."

යුන්ගි හෝසොක් දික් කරපු මැත්ක් නෝට් බුක් එක අරගෙන බෑග් එකට දාගත්තා..

කාලය හිමීට ගෙවිලා ගියා.. හැමෝම කැෆටේරියා එකට ආවෙ ලන්ච් ගන්න..ඒ අතරෙ ඔලීවීයත් ඇවිත් යුන්ගි ළගින් වාඩි වුණා..

"හායි යූන්ගි...ඇයි දවස් දෙකක් ස්කූල් ආවෙ නැත්තෙ...."

"අහ්...මට ටිකක් සනීප නැති උනා...."

"ඔහ්... දැන් හොදයි නේද...මට ඔයාට කෝල් එකක්වත් දෙන්න බැරි උනා..."

"ඔව් හොදටම හොදයි..."

යුන්ගි එයාගෙ ගමී ස්මයිල් එක දාලා කිව්වා..යූන්ගිට නම් දැන් ඔලීවයා එක්ක සම්බන්ධයක් පවත්තන්න තරම් මානසිකත්වයක් නෑ..එයාට ඕන උනේ ඒක ඔලීට කියලා නිදහස් වෙන්න..

"ඔලී....."

යූන්ගි කෑම කන ඔලීවියට කතා කලා..

"ඔහ්...ඇයි යූන්ගි....."

"අපි මේක නවත්තමු ද.. මං කියන්නේ මේ සම්බන්ධෙ..මට මේක තව දුරටත් කරගෙන යන්න බෑ....මං කියන එක ඔයාට තේරෙනවද....?"

යූන්ගි කියපු විදිහට ඔලීවියා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා..

"අහ්ම්...මමත් යූන්ගි ඒකට කැමතියි... ඇත්තටම මමත් ඔයාට ඒක කියන්න හිටියෙ....."

"සීරියස්ලි....?"

යූන්ගි පුදුමෙන් වගේ ඇහුවා..

"හ්ම්...යාහ්...."
ඔලී ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන කිව්වා..

ඇත්තටම යූන්ගි හිතුවෙ ඔලීත් වෙන කෙල්ලො වගේ අඩන්න ගනී කියලා..ඒත් ඔලීවියගෙ හැසිරීමට එයාට පුදුම හිතුනා..හෝසොකුත් මෙතන වෙන දේ දිහා ස්ප්‍රයිට් කෑන් එක කටේ ගහගෙන බලාගෙන ඉන්නවා..

"බට් යූන්ගි... ම්ම්ම් අපිට හොඳ යාලුවෝ වෙන්න පුළුවන්... එහෙම නේද...."

"අහ් ඔව් අනිවාරෙන්ම...."

යූන්ගි හිනාවෙලා කිව්වම ඔලීත් එයාට හිනා උනා..
.
.
.
යූන්ගි ගෙදර ආවෙ හොදටම මහන්සි වෙලා..ඒ ආපු ගමන් වොෂ් එකක් දාගෙන කාලා ඉවර වෙලා හොඳ නින්දක් දැම්මා..

හවස පහට විතර යූන්ගිට ඇහැරුනා..එයා මූණක් හෝදගෙන කිචන් එකට ගියා..ජී එවුන් ට කියලා ටී එකකුත් හදාගෙන රූම් එකට ආවෙ මැත්ස් නෝට් එක ලියාගන්න හිතාගෙන..

යූන්ගිට මගෑරුණ දවස් දෙකේ මැත්ස් නෝට් එක ලියාගෙන ඉවර වෙද්දි හවස හයත් පහු වෙලා..

එයා ඒ පාඩම කොච්චර තේරුම් ගන්න උත්සහ කලත් කොහොමවත්ම මොළේට ගියෙ නෑ..යූන්ගිට තරහ ගියපු පාර එයා පොත හයියෙන් වහලා දාලා ටේබල් එක උඩ ඔලුව තියාගත්තා..

"අහ්....මොනා විකාරයක් ද මේ...මටමනෙ තේරෙන්නැත්තෙ...."

යූන්ගි එහෙම කියන ගමන් ටේබල් එකට අතින් හයියෙන් ගැහුවා..

"ආහ්..... ආව්...."
රිදිච්ච පාර එයා අතත් අල්ලගෙන කෙදිරිගාන්න ගත්තා..

"අහ්ම් අහ්ම්.......!!"

යූන්ගිගෙ පිටිපස්සෙන් ඇහිච්ච උගුර පාදන සද්දෙ නිසා එයා ඉක්මනට හැරිලා බැලුවා...

"ඔයා....?"

_________________________᪥_______________________

To be continued..

🌚

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now