Part 2

1.1K 249 59
                                    

Can I Hate you

***මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛Give my heart back ඉවර වුණ ගමන් daily update දෙන්නම් හොදද😁

පසුදින උදේම ඇහරුණ යීබෝ බනීව හොයාගන්න අදහසත් හිතේ කොනක හිතේ තියාගෙනම wash එකක් දාගෙනම කෑම හදන්න පටන් ගත්තා....

ඊයෙ දවසටම හරියට කෑවෙ නැති නිසා ඒ ඔක්කොටමත් හරියන්න උයාගෙන උදේට හොදට කෑවා..කාලා ඉවර වුණාම තමා එයාට තේරුණේ කෑවා වැඩී නේද කියලා..මොකද දැන් යීබෝට නැගිටගන්නවත් බැරි තරමට බණ්ඩි ෆුල්🤣🤣
......

අම්මෝ කෑවා වැඩිවුණාද කොහෙද කියලා කියාගෙනම යීබෝ  එතන තිබ්බ සෝෆාවෙන් හාන්සි වුණා....
හාන්සි වෙලා උඩ සීලිම දිහා බලාගෙන කල්පනාවක යෙදිච්ච යීබෝට හිතුණෙ rest එකක් නොගෙනම අලුත් film එකක වැඩ පටන් ගන්න ඕන කියලා...එහේ ඉද්දි ගොඩාක් අදුරන අය හිටියත් මෙහේ එහෙම නැති නිසා එයා තීරණය කළේ ළගම තියන Art College එක මොකක්ද කියලා හොයාගන්න...මේ වෙද්දි ටිකක් බඩ පිරිච්ච අමාරුව අඩුවෙච්ච නිසා සෝෆාවෙන් ඉදගෙනම 4n එක අරන් විස්තර search කළා....

එතකොට එයාට දැනගන්න ලැබුණා Art College එකක් මේ ළගම තියනවා කියලා.....

ඉතිං දවල් වෙලා ඒ college එක පැත්තෙ ගිහින් ප්‍රින්සිපල්ගෙන් දක්ෂ ළමයි ටිකක් එයාගෙ අලුත් film එකට ඉල්ලගන්න පුලුවන් වෙයිද කියලා අහන්න යීබෝ තීරණය කළා...

ඉතිං තාම උදේ නිසා සෝෆාවෙන් නැගිටලා එළියට ගිහින් අලුත්ම script එකක් ලියන්න පටන් ගත්තා...

ඒක ලියද්දි යීබෝට වෙලාව යනවා වත් දැනුණෙ නෑ...කොහොම හරි ලස්සන පරිසරයේ සුන්දරත්වය විදගනිමින්ම script එකේ කොටසක් දවල් වෙද්දි ලියලා ඉවර කළා...

ඊටපස්සෙ ඇතුළට ගිහින් wash එකකුත් දාගෙන  College එකක් නිසා ටිකක් වැදගත් විදියට යන්න ඕන නිසා ඒකට ගැලපෙන ඇදුමකුත් ඇදගෙන දවල්ට කෑමත් අරගෙන යීබෝ college එකට යන්න පිටත් වුණා...

ඊටපස්සෙ ඇතුළට ගිහින් wash එකකුත් දාගෙන  College එකක් නිසා ටිකක් වැදගත් විදියට යන්න ඕන නිසා ඒකට ගැලපෙන ඇදුමකුත් ඇදගෙන දවල්ට කෑමත් අරගෙන යීබෝ college එකට යන්න පිටත් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Can I Hate You(Completed)Where stories live. Discover now