Part 5

926 223 53
                                    

Can I Hate You....

හායි බබීලා ඔන්න සතියකින් ආවා මං😁.....මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💛
.
.
.
"මිස්ටර් යීබෝ ඔයාගෙ තොල තුවාල වුණේ කොහොමද?"

"ආ....ආහ් මේ මං ජාන්ව හොයන්න යද්දි කකුල පැටලිලා වැටුණනෙ බින්...."
(යීබෝ නෝණ්ඩි නොවී බින් ට උත්තර දුන්නා...ඒත් බින් නම් ඒක විශ්වාස කරපු බවක් නම් පේන්න තිබ්බෙ නෑ😇)

"ආහ් එහෙමද මිස්ටර් යීබෝ😏😏?"

"යකූ බින් මිස්ටර් යීබෝ කිව්වනෙ දැං වැටුණා කියලා...උඹ මොකද දැං එහෙමද අහන්නෙ🤨?"
(මාලුවා නහින්නෙ කට නිසා කිව්වලු😂මේ හාවත් ඇදගෙන නාන්න හදන්නෙ😇😇)

"පොඩ්ඩක් හිටපන් ජානා උඹ මොකද ඒකට කේන්ති ගත්තෙ ??මං ඇහුවෙ මිස්ටර් යීබෝගෙන්නෙ🤔?"

"නෑ ඉතිං මං නිකං කිව්වෙ උඹ හැම එකටම කට දාන නිසා😌"

"උඹ මොකද දන්නෙ නැත්ද මගෙ කට ගැන හුම්ම්😏?"

"දන්න නිසාම තමා මං කිව්වෙ යකූ😐"

"අම්මෝ ජාන් උඹට මොකෝ මේ දාඩිය දාලා..මේකනම් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් බං😇😇"

"බින් උඹට මම........"

"හා හා බෝයිස් දැං ඇති ඕක නවත්තලා practise කරන්න...."

(මේ කියවිල්ල තවත් දුරදිග ගියොත් ජාන්ගෙ වගේම යීබෝගෙත් සායම යන බව දන්න නිසාම යීබෝ මෙයාලව ආයෙත් පුහුණුවීම් වලට යොමුකළා...)

පුහුණුවීම් කරන සම්පූර්ණ වෙලාවෙම ජාන්ගෙ අවධානෙ තිබ්බෙ යීබෝගෙ ළග...මොකද නිශී ගොඩාක් උත්සාහ කළා යීබෝට සමීපවෙන්න....ජාන්ට නම් ඒ හැම වෙලාවකම නිශීව ඩෙවල් කරන්න හිතිලයි තිබ්බෙ....කරන්න දෙයක් නැති නිසාම කටවහගෙන හිටියට අබ දැම්මොත් පුපුරණ සයිස් එකට ජාන්ව රත්වෙලා තිබ්බෙ😁....

වෙලාවකට නිශී කකුල පෙරළගන්නවා...තවත් වෙලාවකට යීබෝගෙ අතින් අල්ලගන්නවා...තව වෙලාවකට වතුර බෝතලේ යීබෝට දෙනවා...ඔය වගේ වැඩ නිසා තමා ජාන්ට යකා නැගලා ඉන්නෙ😏(සාධාරණයි නේද ළමයි .....ජාන්ගෙ ඉරිසියාව😏😏)

නිශීගෙ වැඩ නිසා යීබෝ ගොඩක්ම අසරණ වුණා ....මොකද ඒ වෙලාවට ජාන්ගෙ ගිනි පිටවෙන ඇස් යීබෝ දැක්කා.....ඒ වෙලාවට අසරණ යීබෝ කළේ එයාගෙ අහිංසක පපී ඇස් වලින් ජාන් දිහා බලපු එක.....ඒත් කොහෙද ජාන්ට නම් රතු කට්ට පනින්න ඔන්න මෙන්න....නෑ නෑ රතු කට්ට පැනලා....

Can I Hate You(Completed)Where stories live. Discover now