🎶🎶🎶🎶🎶🎶🎻🎶🎶🎶🎶🎶🎶🎶
" වාහ්හ්හ්හ් ... යෙප්පයෝ වීනස්...
මගෙ හිත අතරමං වෙලා වගේ නිකං...."
සොක් ජින් ඒක කිව්වා නෙවේ කියවුනා.
"යහ්හ් යහ්හ් හියුන්ග් .....හියුන්ග් , කොහෙද යන්නේ...යා... ජින් හියුන්ග් ....
අනේ මන්දා මේ මනුස්සයා මේ ගාල කඩාගෙන දුවන්නෙ අර කෙල්ල පස්සෙ නේද..."
වයලීන් වාදනයෙන් මත්වෙලා ඉදපු යොන්ගි ,එකපාරටම දැක්කේ තමන් එක්ක ආව ජින් හියුන්ග් මාශී පස්සෙන් යන හැටි.
වයලීනයත් කරට දාගෙන මං එන්න ආවේ මගේ වයලීන් වාදනට මත් වෙලා ඉදපු අයගේ මූනූ වල තිබ්බ සතුටින් මගේ හිත පිරිලා ඉතිරිලා යද්දි .ඔව් ඉතින් සංගීතය තමයි මගේ මුලු ජීවිතේම... සතුට කියන දේ වටිනාකම මං ඉගෙන ගත්තේ මගේ පුංචිම කාලෙදි..ඒ මට සතුටක් නැතිවම ඉදපු නිසා වෙන්න ඇති ....
ඉතින් මං පුලුවන් හැමවෙලාවෙම හැම කෙනෙක්වම සතුටින් තිබ්බ...ඒකට ඉතින් උපතින් ලැබුන මේ බ්රේක් නැති කටත් නොමද සහයක් ලබාදුන්නා..ස්තූතියි ඒකට..
දෙවියන් මගෙන් හැමදේම උදුරගත්තත් , ලෝබ නැතිව මට දෙයක් නම් දීලා තිබ්බා... ඒ ලස්සන දිග කේශ කලාපෙකුයි, ගායන වාදන හැකියාවකුයි..
"එක්ස්කියුස් මී.... හෙලෝව්... "
" අහ්හ්හ්... හායි.."
මනෝ ලෝකේ එහා කෙලවරේම හිටිය මම එක සැරේට පිටිපස්සෙන් ඇහුන කට හඩට ගැස්සිලයි හැරුනෙ ..
" හායි.... මම ජින්... කිම් සියොක් ජින්..ඔයාට මාව අදුනගන්න පුලුවන්ද ... "
අතට අත දෙන්න බලාගෙන මං දිහාම බලන් ඉන්න ඒ ඉටිරූපේ, පේන්න තිබ්බෙ ඇස් 2 විතරක් උනාට කෙනා අදුනගන්න මට මහ වෙලාවක් ගියේ නෑ..මොකද මගේ ගායන ලෝකේ වගෙම ජීවිත කතාවේ මෝටිවේශන් එක එයානේ..දෙපාරක් නොහිතා මාත් ඉතින් අතට අත දුන්නා
" මේ... මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන... පුලුවන්ද ..."
මොනා අහනවද මන්දා... දත් තිස් දෙක මැද්දේ දිවක් තියන් යස අගේට් මේ චැට බොක්ස් එක වැඩ.... ඉතින් ටිකක් නෙවෙයි මට හොදට කතා කරන්න පුලුවන්, කියල කියන්න කටට ආවත් ඉවසා දරාගෙන හිටියේ මේ ලංකාවවත්, මට කතාකරපු කෙනා සුලු පටු කෙනෙක් නිසාවත් නෙවෙයි නිසයි.
YOU ARE READING
වීනස්"🥀 #COMPLETE
Fanfiction🥀සෙනෙහසට ආදරෙන්... ආදරයම විතරක් ගෙන ආ... මගේ දෙව් දූ " වීනස්"🥀