14 වන දිගහැරුම

71 27 5
                                    

හයිබි එකට ගිහින් ඇවිත් සතියකට පස්සෙ මගේ සෝන්ග් එක කරන වැඩේ පටන් ගත්තා.. මෙතෙක් කාලයක් කරපු ස්ටයිල් එකෙන් සෑහෙන්න වෙනස් වෙලා අලුත්ම විදිහකට හැදෙන සිංදුව දකිද්දි පුදුම සතුටක් තිබ්බේ. සුග ඔප්පා වගෙම නම්ජූන් ඔප්පගෙනුත් ලැබුනෙ පොඩිපහේ සහයෝගයක් නෙවේ. Background music එකට ගලන දොලක දිය බිදෙන හඬ, slow motion බටනලා,වයලීන නාදයත් එක්ක පියානෝව විතරක් පාවිච්චි කරලා කෙරුනු ගීතය වෙනස්ම ලස්සනක් ගත්තා. ඒ concept එක හුගක් අයගෙ හිත් ගත්තේ 'මේ ගීතයත් හිත් සංසුන් කරන බෙහෙතක් වගේ' කියලයි. කොටින්ම කියනවනම් ඇදකුද හොයන්න බලන් හිටිය ටේමින් ඩබල වගෙම හනීබනියත් සෑහෙන ආස කලා ඒ සිංදුවට. ඔප්පගේ ආසවටම මේ පාර පලවෙනි වතාවට Outdoor MV එකක් කරලම YT එකට සිංදුව රිලීස් කරන්න තීරනේ උනා.

" යහ්හ් මාශීයෝ වෙන තැනක් තිබ්බෙම නැද්ද හලෝ මේ කැලයක් අස්සෙ රිංගුවේ වීඩියෝ එක කරන්න…"

මං ආවේ MV එක ශූට් කරන්න… ඒත් පික්නික් එකක් ආපු උදවිය තමා වැඩියම හිටියේ...

" සිංදුවේ තේරුමට හරියන්න ඉතින් කැලයක නැතුව කාන්තාරෙක වීඩියෝ එක ශූට් කරන්නද හොබී පප්පා කියන්නෙ… "

" නෑ ඉතින් .. මේ කැලේ සත්තු සර්පයො ඇතිනෙ හලෝ.."

" ඔව් ඉන්නවා… මට ඇහුනා කවුද කියනවා ඇනකොන්ඩා පැටව් වගයකුත් ගෙනත් දැම්මලු මේ ලගකදි…. "

" මෝහ්…. චින්චා…. බුදු අම්මෝ මං යනවා වෑන් එකට … මං නම් නෑ තව අඩියක් ඉස්සරහට යන්නේ"

ඔප්පගේ රිඇක්ශන් එක දැක්කම නම් හිනාව නවත්තගන්න එක කරන්න අමාරු වැඩක් උනා.

" අනේ මේ හොබී හියුන් මෙයාගෙ පච හලෝ ඔය.. මෙහෙ කොහෙන්ද ඇනකොන්ඩලා…."

" නෑ නෑ ඉන්නවා… මේ ළඟදි ගෙනල්ලා දාලා තියෙන්නෙ.. කින් කෝබ්‍රා කෙනෙකුත් ගේනවා කියලා කිව්වා…"

" යහ්හ් බොරු කියන්න එපා… බොරු නේ මාශී."

" නෑ නෑ ඇත්තමයි"

" ඔය බොරු හොබියෝ.. බය නැතිව ඉදාහං…"

" ඒක තමා හොබී.. කුකී කිව්ව එක ඇත්ත. මෙහේ ඇනකොන්ඩලා නෑ.. "

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now