23 වන දිගහැරුම

80 23 6
                                    

" යහ්හ්හ්..හොල්මනා……...ක්…."

" බේරගනියෝ……… හියූන්…… බේරගන්ඩෝ…."

" බුදාම්මෝ …. බේරගන්නකෝ…. ඔයාල කොහෙද හියූන්….. "

" බේ…..ර…..ග…..නි……..යෝ………."

'මේ මොකද යකෝ මේ… මේ නසරාණීයෝ තුන මාව දැකල ද මේ පුටුමේස පෙරලන් වැටි වැටි බඩගගා ලෝකේ පෙරලන් දුවන්නේ… අනේ අම්මප මුන් ටිකගෙ කටවල් නම් ලෝකෙම හොල්ලන්න….. සැක් විතරක් .. ලැජ්ජාවේ බෑ…'

අහ්හ් අද මං බබානෝ එක්ක පන්සල් යන්න  කියලා හිතන් දිග සුදු සායයි , අත් දිග සුදු බ්ලව්ස් එකයිනේ ඇදන් ආවේ.. ඒ මදිවට කවදාවත් නැතිව දිග කොන්ඩේත් කඩලා දාලානේ ආවේ උදේ පාන්දරම නෑව නිසා… සුවර් ඇන්ඩ් සොට් අද නම් සැට් එකට නූල් බැදලා තමා නවතින්න වෙන්නෙ...

" මොකාද යකෝ මේ පාන්දර වහලේ උඩ යන්න කෑ ගහන හිවලා… "

අහ්හ් හොබීට මල පැනලා…ඇයි හත්තලාමේ මල පනින්නේ නැතුව තියේවියෑ… උදේ පාන්දරම නැගිටගෙන මෑන්ස් අලුත් සිංදුවට මෙලඩියක් දන්න ගත්තා විතරයිනේ.. ඩිස්බෑන්ඩ් වෙන්න කලින් ආමිලට අමතක නොවන මතක සැමරුමක් දෙන්න සෙට් එකම බැහැලා වැඩ.

" අනී… අනී….. බේරගන්නෝ……. බේරගනියෝ…… යුන්ගියා………"

හරී… උන්දැත් දිව්වා කියහන්කෝ… නිකන් නම් බැරියෑ… සෝෆා එකකුත් කනපිට ගහන්, නිදිමරගාතේ වැනියන් බබෝ වැනී...යන් කියාගෙන ආව යුන්ගි ඔප්පවත් බිම දාලා පාගගෙනම තමා කොල්ල දිව්වේ… යුන්ගි ඔප්පා නම් තාම එලොවයි මෙලොවයි අතරේ පාවෙනවද මන්දා… වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව ඇත්තේ…

" වීනස්…. ඔයා… පාන්දරම ඇවිත්නේ… "

" හ්ම්ම් ඔව්නේ බබානෝ…… මට නින්ද ගියේම නෑ… අද යනකන් ඉවසිල්ලක් නැති නිසා.. මේ ඒක නෙවේ… මාව හොල්මනක් වගේද පෙන්නේ… අර ඔක්කොමලම හොල්මනාක් ගාගෙන කෑ ගහන් දිව්වේ… "

" අහ්හ්  මටත් ඇහුනා… ඒකයි ආවේ මේ බලන්න… "

" අහ්හ්.. එහෙම ද බබානෝ… ඒක වෙන්න ඇතිනේ අර හැංගි මුත්තො හැංගියෝ කියාගෙන හොරෙන් දොරෙන් එබිලා බැලුවේ…."

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now