20 වන දිගහැරුම

89 27 9
                                    


ඔම්මා……………….
බේරගන්න …. ඔම්මා…….

ඔප්පා… ආයිශ් …. හෝතම්බුවා… …

යහ්හ්හ් රටහාවෝ බැහැපිය බිමට මගේ සර්වාන්ගේ උඩින්…. ආ.. ඔප්පා……..

මොහ්හ්…. මේ මේ...මොකද උනේ….(කුකී)

යහ්හ් බහින්න නේද කිව්වේ උලමෝ… මගේ කොන්ද…. ඔහේට මං…..

දුන්නේ එකයි… මෑන්ස් හතරගාතේ දාලා ඇද පල්ලේ.

අනී… මගේ කොන්ද නැද්ද…. අනී අනී… එහෙම වෙන්න බෑ… මං තාම කසාදයක් කරගත්තෙත් නෑ….. අම්මා… කොන්ද ….

ඔප්පා…….. මේ මනුස්සයා මොන ලෝකේ ගිහින්ද බබානෝ...…

මේ මං දකින්නේ හීනයක් ද…. (කුකී)

ගොන් වස්සෝ….. කුළු හරකෝ….. ගස් ගෙම්බෝ…… ඔහේ කොහේ ඉන්නවා කියලා හිතන්ද මගේ ඇග උඩ පිනුම් ගැහුවේ… මැටි වස්සා…. අම්මා… මගේ කොන්ද නෑ….

ඔ…..ප්…….පා………………………………

ඉවසලා ඉවසලා බැරිම තැන මං වහලේ උඩ ගිහින් ගේ දෙදරන්න කෑ ගැහුවේ මේ  මැටි මෝල් රටහාවා උදේ පාන්දරම මගේ ඇග උඩ කරණම් ගැහුව නිසා. ඊයේ රෑත් යහතින් තිබ්බ කොන්ද… අද උදේ නැගිටින්නත් කලින් පරලෝ සැපත් කරා. ඒ මදිවට තාමත් ඇද පල්ලේ වැටිලා කට බලියන් බලන් ඉන්න කැත…

අම්මප මේකට දෙන්න හිතයි හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න…. අලි මස්ද මනුස්සයෝ ඔහේ ගිලින්නේ….

හ්‍යුන්ග්… මාශී නේද කෑ ගහනවා ඇහෙන්නේ…

මාශීගේ සද්දෙට කිචන් එකේ ඉදන් කන් දීගෙන කල්පනා කරකර හිටපු ජින්ට හොබී කිව්ව.

ඔප්පා……………… මාව මරනෝ……..

නේහා…………  ඕඕඕ… ශිට්.. කුකී…..

මාශී අන්තිමට කිව්ව වචන ටික නම් ඕනවටත් වඩා හොදට ඇහුනා. ඒත්  ජින් හියුන් ලෝකේ පෙරලන් දිව්වේ කොහෙවත් නැති කුකියෙක් මතක් කරලනේ… ඒ මොකෝ ඒ….

හොබී තනියම කල්පනා කර කර උඩට දුවනවා.. ඒ අස්සේ අඩ නින්දෙන් ඇහැරුන සුගා වගෙම, සැටිය උඩ හෙට්ටියාවත්තේ හෙට්ටු මුදලාලි වගේ නිදි කිර කිර හිටපු නම්ජුනත් බයවෙලා ඇහැරුනේ "මරනෝ" කියන වචනේ ඇහිලා…. කට්ටියම හැටට හැටේ හතර වටින් දුවන් ගියේ ජින් හියුන්ගේ කාමරේට…

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now