9 වන දිගහැරුම

99 26 7
                                    

මේ දවස් දෙකම, අපේ හොටෙල් එකේ ඉදන්  ඔම්මා, අබොජි වගෙම ඔප්පත් එක්ක ගෙවලා දැම්මේ හරිම සතුටින්… එයාලා තුන් දෙනාම මට විශේෂ සැලකිල්ලක් පෙන්නනවා වගේම මා එක්ක පරිස්සමෙන් කතා කරන බවත් මට හැමවෙලේම දැනුන දෙයක්… ඒත් මං ඒ ගැන වැඩිය හිතන්න නොගියේ මෙයාලා එක්ක ගෙවන තප්පරෙත් කෝටියක් වටින නිසා… හෙට හවස මේ හැමෝම කොරියා යන්නයි ලෑස්තිය...

" අම්මා…. ඔයා ඇත්තමද කියන්නේ.. මං කොරියා යනවා…. ඒත්… ඒත් ඇයි එක පාරටම…"

" ඇයි දැන් ඔහේ පහුගිය කාලෙම නහයෙන් අඬ අඬ හිටියේ ඔප්පා නැතිව පාළුයි පාළුයි කිය කිය… දැන් මොකෝ පාලු නැද්ද .."

" නෑ නෑ එහෙම නෙවේ අයියා.. එත් ඇයි එකපාරටම…"

" මේ අහන්න චූටි දූ… එක පාරටම නෙවේ ඉතින්…  ඔයාගේ එක්සෑම් එකත් ඉවරයි… ඔයා හුගක් මහන්සි උනානේ ස්ටඩීස් වලටයි , ෆැශන් හවුස් එකේ වැඩ වලටයි…  ඉතින් දූ පොඩි චේන්ජ් එකකටත් එක්ක ගිහින් එන්න…"

" තා…. ත්…..තා……….."

" ඔව් නංගී.. ඔයාට පුලුවන්නේ වෙනදා වගේම ඩිසයින් ටික මේල් කරන්න… නිතර ඇවිත් බලලා යන්නත් පුලුවන් නේ… අනික බය වෙන්න එපා.. මං ඉන්නවනේ.. මං අනිවාර්යයෙන්ම ඒ වැඩ ටිකත් හොයලා බලන්නම්.. අනික ශේන් සේරම වැඩ ටික ගානට නූලට බලනවනේ… "

" ඔ...ව්….  ඒ හැමදේම හරි… ඔයාල කියන එක මට තේරෙනවා … ඒත් කොහොමද මං මගේ චූටි බෝම්බේ නැතිව ඉන්නේ… ඔයාලා නැතිව ඉන්නේ…."

" අනේ මේ බොරු එපා හොදේ…. ඔප්පා ඔප්පා ගා ගත්ත ගමන්මනේ හිටියේ… ඉතින් එහේ ගියාම අපිව නිකන්ම අමතක වෙයි…"

" අයි…..යා……. "
ඒකට නම් හොදටෝම දුක හිතුනා… ' මං එහෙම මුල අමතක කරන කෙල්ලෙක් නෙවේ… මේ ලෝකේ සල්ලිවලට ගන්න බැරි හුඟක් දේ අතරින්, සතුට වාසනාව ආදරය මේ හැමදේම මට ලැබුනේ මේ පවුලෙන්… කාත් කවුරුත් නැති අනාථයෙක්ට පවුලක් ලැබුනේ මෙයාලා නිසා… ඉතින් එහෙම අයට මේ ජීවිතේ කවදාවත් දෙවනි තැනක් නෑ… හැමදාමත් හැමමොහොතකම හදවතේ පලමු තැන ඔයාලටයි අයියා…' දෙනෙතේ කඳුළු කැට කටට කලින් ඉස්සර උන නිසා මේ කිසිදෙයක් කියාගන්න උනේ නෑ මට...

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now