5 වන දිගහැරුම

167 37 10
                                    


" වට්.... යා... බොරු කියන්න එපා හලෝ... මං කවදාවත් එහෙම කලේ නෑ..."

" හා..නෑ නෑ... එහෙම කලේ නෑ... මං කියන්නද???"

අනේ මගේ දෙයියනේ ...මේ මොන ලෝක විනාසයක් ද මේ වෙන්න යන්නේ.... අනී... චේබල්.... මගෙ වස්තු කැටේ..අයියා පනේ. අනේ ඔය පඩික්කම නම් අරින්න එපා... මගෙ පටි හතම රෝල් වෙලා තමා නවතින්නෙ... එකක් දෙකක් නෙවේ දැන් නම් බිත්තර හත් අටසීයක්ම තම්බතහැකි මේ පපුවේ....
මොනා උනත් අයියා කියන්න යන්නෙ ඇත්ත උනත් අම්මා තාත්තා ඉස්සරහ මං ඒ දේ පිලිගන්න බයවුනා... ඒ නිසා අතෑරියේ නෑ... කාමරයක් අරං බම්බු ගහන්නද... ගේම ගන්න හිතන් ඇල්ලුවා අඩව්ව හොදම එකෙන්....

" ආ කියනව බලන්න ... කියනව ඉතිං ... කියනවා.."
කකුල් දෙක ට්‍රම්පට් ගහද්දි, හදවත මැඩ්ලින් ගහද්දි කට ඩ්‍රම් සෙට් එක ගැහුව ඉතින් ...

" දන්නව ද ඩැඩී මෙයා රෑ තිස්සෙම ෆොන් එකේ හෙඩ් සෙට් එක දාගෙන මල් කඩන්වා... මට අනන්තවත් ඇහිලා තියෙනවා පැනි බේර බේර කුටු කුටු ගගා කියොනවා .."

" ආ... මේ ඔයා බලන් හිටියනේ මන් මල් කඩනවා... බොරු කියන්න එපා හලෝ... මං ඕන්නම් ඔය සෝන්ග් එකක් පැක්ට්‍රිස් කරන්න ඇති... කඩපු මලක් නම් නැ හොදේ..."

" ආ... එහෙමද .. උදේට කාමරේට ගිහින් බලන්නකෝ ඩැඩී... බෝතල් අඩි 2ත් ඇස් දෙකේ දාගෙන, වයර් හනස්ස කන් දෙකේ ඔබාගෙ නිදි ගොරෝ ගොරෝ, අර මොකා ද  එකා MJ වත් බදාගෙන.. ෆෝන් ස්ක්‍රීන් එක බැලීනම් ඉන්නව කොලු පරාණයක් දිලිසි දිලිසි..... "
" පාන්දරටනේ නින්ද යන්නෙ ඉතින් රෑ එලිවෙනකන් මල් කඩලා..... මං දැන් කී දවසක් දැකලා තියෙනවද... හි හී හී..." අම්මප මූගේ කටට බ්‍රේක් නැද්ද මන්දා..

හරිනේ...හරිනේ...මාත් ඔය කොරගෙන තියෙන්නෙ හොදම එකෙන්... කොහෙද ඉතින් මේ මොලේටත් වයර් මාරු වෙනවනේ ඉතින් ඔප්පා කතා කරපු ගමන්....කරන්න දෙයක් නෑ දැන් ඉතින්.. දිගටම කටින් ගහල වලිය කන්ටිනිව් කරන් යනවා..

" අනේ මේ බොරු කියන්න එපා.... ඔයා තමා මොනී හනීටත් බොරු කිය කිය රෑ තිස්සේ වෙන කෙල්ලො එක්ක මල් කඩන්නෙ..මල් විතරක් නම් මදැයි ... වතු පිටින්ම පාලු කරන්නෙ .."

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now