7 වන දිගහැරුම

117 30 7
                                    

හීනයක් වගේ ගෙවුනු ඒ දවස තමා මගේ ජීවිතේ සතුටම දවස .. 2023 පෙබරවාරි 10.... වාසනාවන්තම උපන්දිනයක් සමරපු කෙල්ලෙක් මං දැන්...

" වහ්හ් බලන්නකෝ ඩැඩී... ලෝකේ ලස්සනම world wide handsome කොල්ලගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්  ඉන්නෙ දැන් අපේ ගෙදර නේ…"

යකෝ දැන් මාස දෙකකටත් කිට්ටු වෙන්න එනව ඒ දවස ගෙවිලා.. මේකා තාම පට්ට ගහනව එදා දවස…

   …………..……                   …………...…….

එදා ඔප්පල ගිහින් විනාඩි 30යි ගත වුනේ… මේන් යකෝ එනවා වීඩියෝ කෝල් එකක්… වෙන කාගෙන් ද ඉතිං, ඔප්පගේ මල්ලිලා සැට් එකෙන් මිසක්.. ජේකේ, ජිමින්, හොබී, නම්ජුන්… අහ්හ්හ් අලි මදිවට හරක් කියලා ටේයුන් එක්ක යුන්ගි ඔප්පත් ගානට මිම්මට සෙට් වෙලා තිබ්බා… ආයී ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ… චාටර් ලෝකයක් තමා දැන් ඉතිම්...

"ආව්ව්….. ආව්ව්ව්….කෝ බලන්න කෙල්ලගෙ මූන චුට්ටක් …."  චිමිනියා කතාව පටන් ගත්තෙම කින්ඩියක් දාලා..

" මොනා බලන්නද අනේ… මේ ඉන්නෙ මං හිටියා වගේම දිලිසි දිලිසි ….."

" අහ්හ්හ් ඔව් ඔව්ව් ඒකනම් ඇත්ත .. දිලිසෙනවා නිකන් අමාවකට පුර හඳ පායලා වගේ…"

'හෑ…. අමාවකට කොහෙන්ද පු‍ර හඳක්…' ටේ හූනා ගෙනත් දීපූ චොකෝවක් කටේ ඔබන් හිටපු නිසා කටින් අහන්න විදිහක් නෑ . ඒ උනාට කල්පනා කලා… ම්ම්හු.. මතක් වෙන්නෙ නෑ..

" මේ මාශී… අපේ හියුන් අරව එකක්වත් දුන්නෙ නෑලූ නේද …."

" යහ්හ්… කුකී………. කන්න එපා මගෙන් ආ….."   
අප්පා… මදි පාඩුවට මෙයත් එතන ඒ කියන්නේ...

" කොහෙ දෙන්නද... ඔයාගේ ඔය නල්ලමලේ පෙට්ටිකටා අපිට බාල්දියක් පෙරලුවනේ… ඉතින් කෙස් ගහෙන් කොස් ගහ මිස් උනා…"  
පට්ට සෑඩ් මූඩ් එකක් දාන් මං කියද්දි මේන් මුන් ටික පන යනකන් හිනාවෙනවා… ඒ අතරේ මං හුගක් ආස ජූන් නොහොත් අපේ පොතේගුරුගෙ ඩිම්පල් හිනාවත් තිබ්බා.

" බලනවකෝ ටේයූනා තමුසෙනේ වැඩේ කාලා තියෙන්නෙ… "

" ඒක තමා …. පව් හලෝ බලනවකො කෙල්ලගේ මූනේ තියෙන වේදනාව.. දුකේ බෑ …"

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now