🥀 පසුවදන... 🥀

166 32 19
                                    

ජීවිතේ හැමදාමත් වගේ හීන දැකපු ඒ ලස්සන දවස අදයි…. දින ගැන ගැන හීන පොකුරු මවන් බලාපොරොත්තු දහසක් හිත දරන් මේ තරම් දුරක් ආවේ ජීවීතේ අන්තිම අඩියේ ඉදන් දුක් විඳලා… නොලැබුන දේට ආස කලාට වඩා ලැබුනු දේවල් වලට ආදරේ කරපු නිසා අද මං ජීවිතේ යන්න පුලුවන් හුගාක් ඉහලට ඇවිත්.. එදා නොලැබුන හැමදෙයක්ම අද ඕනවටත් වඩා ලැබිලා… ඉතින් මං සතුටින් …. තාවකාලික ප්‍රශ්න වලට කෙටිකාලීන විසඳුම් දෙන්න ගියේ නෑ.. ඒ සදාකාලික විඳවීමක් විදින්න අකමැති නිසා… ඉවසීම අද මාව ජයග්‍රහණයේ හිනිපෙත්තටම අරං ගිහින්….

ජීහා , සේ මියා, සූ හන් ඔන්නිලා තුන් දෙනත් එක්ක මාත් සුරංගනාවියක් වගේ ලස්සනම ලස්සනට සැරසිලා එක පෙලට වේදිකාවට එද්දි ඔප්පල හතරත් ඉන්නවා ඇස් ගෙඩි ටික ජිල් බෝල සයිස් කරගෙන… බලන්න එපැයි කොල්ලො හතරගේ ලස්සන. කිට මරලා හොට් ඇන්ඩ් සෙක්සි ලුක් එකක් දාගෙන හිනාව කටින් එකයි… අනේ ඉතින් හෙටින් පස්සෙත් මේ මූණූ වල මේ හිනාව මේ විදිහටම දකින්න පුලුවන් වෙයිද කියලා නම් මට සැකයි.. මොකද හෙටින් පස්සේ කොල්ලො ටික නෝනලගේ බන්ධනාගාරයේ නිත්‍ය සිරකරුවන් වෙනවනේ… ලේසී නෑ නිදහස් වෙන එක… ඒ ඉතින් ආදරේ වැඩි නිසාම තමා…..

.

.

.

        🤵👰💜️🤵👰💜️🤵👰💜️🤵👰

.

.

එදා මගේ ඩිප්ප්‍රෙශන් ස්ට්‍රෙස් එක නිසා ජින් ඔප්පා වගෙම අනිත් අනිත් අයත් සෑහෙන්න වෙනස් උනා… එයාලා මෙතෙක් නොදැන හිටිය ශෝකාන්තයක් නොහිතපු වෙලාවක ඇස් පනාපිට දර්ශනය උනාම හැමෝටම වගේ ඒක දරාගන්න අමාරු උනා… මාව ඒ වේදනාවෙන් ගොඩ ගන්න කියලා එයාලා සෑහෙන්න දේවල් කලා එයාලගේ ලොකු හියුන් එක්ක එකතු වෙලා… හැමවෙලේම මං ගැන හොයලා බලන්න, මාව ආරාක්ශා කරන්න, සතුටින් තියන්න එයාලා හැම වෙලේම සෑහෙන්න උත්සහ ගත්තා… අන්තිමට ඒ උත්සහය සාර්ථක කරගෙනම එතෙක් කාලයක් ඩැනියෙල් ටානියා දෙන්න වගෙම ඔප්පත් මටත් හොරා මට පෙව්ව බෙහෙත් පෙවිල්ලත් නතර කරන්න පුලුවන් උනා… 

            කිඩ්නැප් සිද්ධිය වෙලා මං හොස්පිටල් හිටිය කාලය, සූසයිඩ් කරගන්න හදපුව, බෙහෙත් ඇලජික් වෙලා මැරෙන්නම ගිය හැටි, ලෝකෙන්ම වසන් වෙලා අදුරු මුල්ලක කාලය ගතකරපු හැටි, ඔප්පව මේ ජීවීතෙන් ඈත් කරන්න හදපු හැටි, මට පන වගේ ආදරේ කරපු මගේ නොවුණු මගේම අම්මා තාත්තා අයියා අක්කගේ වේදනාවන් ….. මේ හැමදෙයක්ම සදහටම අමතක කරලා දාන්න මට පුලුවන් උනා… 

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now