2 වන දිගහැරුම

177 43 27
                                    


.............මාශීගේ අතීතෙන් බිඳක්..............

"ස්නේහා තමාෂි" ..... උප්පැන්නෙට අම්ම තාත්තාගෙ නම් ඉස්සරහ ඉරක් වදිද්දී මගේ නම ලියැවුනේ එහෙමයි... කටේ කිරි සුවඳ යන්නත් කලින්ම ලමා නිවාසෙක පාලිකාවකගෙ උණුහුමට ගුලි උන මට පිටිකිරි උගුරකින් බඩගිනි නිවා ගන්න උනා..

මගේ කියලා කියන්න මට කවුරුත්ම ඉදියේ නෑ.. තනිකම වේදනාව අපහාස නින්දානම් ඕනවටත් වඩා මං ළඟ මගේ තනි නොතනියට හිටියා.
ඉස්කෝලේ ළමයි දහසකුත් එකක් දේවල් කියද්දි මං ඒ හැමදේටම හිත හදාගත්තේ මේ ලෝකේ කොහේම හරි, මටත් කවුරුම හරි ඇති නේද කියල හිතලයි...කාලය හැමදේම විසදයි..

මට මාවම කලකිරෙන එපා වෙන හැම මොහොතකම මගේ හිත සුවපත් කල එකම බෙහෙත උනේ සංගීතය..... දානමාන අරං නිවාසෙට එන අතොරක් නැති මිනිස්සු හැමදාමත් මගෙන් වාදනයක් ගායනයක් අහන්න හැමදාමත් ආස කලා... දෙස් විදෙස් භේදයකින් තොරවම ඒ විශ්ව භාශාවට මං තරමටම ඒ හැමෝම ආදරේ කලා....

°°°°°°°

"අනේ මාෂියෝ ...කම්මැලියි හලෝ...සිංදුවක් කියමුකෝ..."

ඒ මගෙ හොදම යාළුවා ශානිකා..ඒකිට ඉතින්  ඉස්කෝලෙදි දවස ගානේ මගේ සිංදුවක් ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ කියන්නෙ...

"අනේ මේ... මට නම් බෑ ශානි ඔපිස් එක ඉස්සරහ දනගහන්න යන්න... උබල මෙතන මියුසිකල් ශෝ එකක් කරගන්නවනෙ සිංදුවක් පටන් ගන්න හැරෙන තැපෑලෙන්..."

"අනේ මොකක්ද බං...ප්ලීස්...එකම එකයි... බුදු ශුවර් කෑගහන්නෙ නෑ... මං බෙරගහන්නෙ නෑ...
පොමිස්.... පොමිස්.........ඇත්තමයි ...පීස් මැණික..." හම්මේ මේකිගෙ බටර් පාර..හයිලෙවල් පාරට වඩා ලොකුයිනේ...

දැන් ඉතින් වේවැල් පාර කන්න බලන් හරි සිංදුවක් කියන්නම වෙනව ... නැත්තම් කොහෙ බේරෙන්ද මේකිගෙන් ....

"පාරමීදම් පුරමු අපි දෙදෙනා...
මටම අයියණ්ඩියකවී ඔබ..
......"

"හීනයක් ...ප්‍රේමයක්... ඈතකදි දැකලා...
ලං වුනා... ජීවිතේ...ආදරේ තියලා....
........."

"ඇහිපිල්ලමක් යට ඔබව තියලා ....
රැකගත්තේ මං මගෙ නේද කියලා...
එක මොහොතකින් මගෙ හිතම හොල්ලා...
......."

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now