6 වන දිගහැරුම

135 34 4
                                    

" නේහා... අපි පොඩ්ඩක් එලියට යමුද?..."

කට්ටියම කෑම කාලා එහෙම සතුටු සාමීච්චියේ යෙදී ඉන්නකොට ජින් ඔප්පා ඇහුවේ නැතෑ......
මං නම් කෑවා නෙවෙයි නෑවා... කෑම කනවට වඩා ඔප්පවනේ කෑවේ ඒ මූන දිහා බලන් ඉදම්.. ඉතිං මගේ අයියා බයියට ගෙඩි පිටින්ම මාට්ටු.. මාව හෝද හෝද වැලේ දැම්මෙ නැතෑ මේකා .. කිසි අනුකම්පාවක් නෑ , ගල් බමුනා..

" ම්ම්ම් හා යමු ඔප්පා..."

ඔප්පා අහද්දි තාත්තා දිහා බැලුවම එයා ඇස් වලින් කිව්වෙ යන්න කියලා.. ඉතිං මං හිතින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි සරණයි කියලා බැල්කෙනියට බැස්සා... මොකෝ එලියට යන් කිව්වට යන්න පුලුවනෑ...

" කොහොමද ඉතින් වීනස්.. එදා මීට් උනාට හරියට කතා කරන්නවත් බැරි උනානේ.. එදා ආවට තෑන්ක්ස් ආආ...."

(ආ කියන්න බැරි උනානේ.. හැමෝටම මං මාශී. ඒක තමා මගේ අල ගිය මුල ගිය නේම් ටැග් එක... ඒත් ඔප්පට විතරක් මං වීනස්.. "වීනස්' කියන්නෙ ඇයි ඇහුවම කියපිනම්කෝ "අනේ මන්දා, දැක්ක ගමන් හිත මට කිව්ව ඔයාගේ නම ඒක තමා කියලා.." ඉතින් කාගෙන්ද අහන්නෙ වෙන. ඔව් ඉතින් කවුරුත් ඉන්න තැන නේහා තමයි. ස්නේහාගෙ 'ස්' එක හැලිලා, ඒක වෙනම කතාවක්. හැමෝම දකින විදිහට නෙවෙයි කියන්නෙ එයාට මාව පේන්නේ)

" ඒක මොකක්ද ඔප්පා. මං හරි ආසාවෙන් දින ගැන ගැන හිටියේ කොන්සර්ට් එක බලන්න. ටිකට් ගන්න බැරිවෙයි කියල බයෙන් හිටියෙ.."

" ඒකනේ... මට මුලින් කිව්ව නම් මං ටිකක් අරං දෙනවනේ.."

'ඔය කිව්වේ කතාවක්.... සප්පයිස් කියන්නෙ අඬබෙර ගහ ගහ කරන ඒවට ද මැට්ටෝ... හිත කිව්වට කට කිව්වේ නෑ හොද වෙලා...වට'

" එතකොට කොහොමද අනේ suprise කරන්නෙ.."

" හ්ම්ම්.... එකත් ඇත්තනේ.. මේ ඇත්තටම අද Birthday එක කියල අමතක වෙලා ද හිටියේ..."

අන්න ඇහුව වැදගත් පුරස්නයක්... අම්මප මට ඔය බඩකඩිත්තුව මතක හිටින්නෙම නෑනේ... ඇයි දෙයියනේ කවදාවත් උපන්දිනේ කියල කේක් එකක් තියා පාන් ගෙඩියක්වත් කපල තියෙනවා කියලැයි...

" හ්ම්ම් ඔව් ඔප්පා... පොඩිකාලේ ඉදල කවදාවත් birthday එක සමරලා නෑනේ ඉතින්... මෙහේ ආවට පස්සෙ මේ අම්ම තාත්තා අයියා හම්බුනාට පස්සෙ තමා පොඩියට හරි සමරන්න පුලුවන් උනේ..."

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now