" නංගා…. කොහේද මේ අතරමං වෙලා ඉන්නෙ… ආ….."
" අහ්හ් අක්කා පන… කොහේවත් නෑ අනේ…."
" අනේ මේ… අයියට බොරු කරන්න බෑ වගේ තමා හොදේ… මේ අක්කටත් බොරු කරන්න බෑ කෙල්ලට…."
" හ්ම්ම්ම් ඒක නම් ඇත්ත …!
" ඉතින් ඉතින් කියන්නකෝ… මොකෝ මේ දුකින්… "
" හ්ම්ම් දුකක් නැත්තෙමත් නෑ… ඇත්තෙත් නෑ අක්කා…. "
" හෑ..යකූ ඒක මාර උත්තරයක් නේ… එහෙනම් මොකෝ මේ.."
" පාළුයි වගේ අක්කියෝ…"
" ඒ… මොකෝ ඒ… කොල්ල මතක් වෙනවද… "
" හ්ම්ම්ම්…."
" හරි හරි අනේ… එයා එයි ඉක්මනටම… එයා ගියේ ඉතින් නොගිහින් මග අරින්නම බැරි ගමනක්නේ… ඔයා මටත් වඩා හොදට ඒ ගැන දන්නවනේ මැණික…"
" ඔව් අක්කෝ…. ඒත් මට දුකයි… පාළුයි…"
" හරි ඉතිම් එයා ඉක්මනටම එයි, එයාගේ වීනස්ව බලන්න…. කවුද දන්නෙ ආවට පස්සෙ උස්සන්ම යයිද කියලා.."
" මොකක්ක්…. "
" අහ්හ් මොකෝ මේ දෙන්නා කරන්නේ… මගේ පොකට් එකට විදින්නද ප්ලෑන් ගහලා කල්පනාව…"
" මේන් මෙයාට පාළුයි කියලා අඬ අඬ ඉන්නෙ… "
" අනේ නෑ අයියා…. මං ඇඬුවේ නෑ… මේ අක්කගෙ බොරු…"
" බොරු වෙන්නත් බෑ….. මාත් දැක්ක කෙල්ල ටික දවසක්ම මූඩ් ගහන් ඉන්නවා… මොකෝ කොල්ලා කෝල් එකක්වත් දුන්නෙ නැද්ද…"
" නෑ අයියා… තාම අනිවාර්ය පුහුණුව ඉවර නෑනේ.. තව මාසයක් තියෙනවා…"
බීටීස් ලා මිලිටරි ගිහින් දැන් ටික කාලයක් වෙනවා… හැම කෙනෙක්ම එකට මිලිටරි සර්විස් ගියත්, ගියේ එක එක යුනිට් වලට… නම්ජූන්, යොන්ගි, හොබී ඔප්පල තුන්දෙනාම හමුදා සේවයට එක්වෙද්දි, ජින් ඔප්පා කුකීත් එක්ක ගුවන් හමුදාවට ගියා… සෝල්මේට් ජෝඩුව නාවික හමුදාවට ගියේ වතුරත් එක්ක තියෙන ආත්මීය බැදීම තව වැඩිදියුණු කරගන්න කියලයි කිව්වේ…. ඉතින් එක එක්කෙනාට ලැබෙන ට්රේනින් වෙනස්…. සර්විස් පීරියඩ් එක වෙනස්…. මුල් මාස තුනම කිසිම කෙනෙක් එක්ක කතා කරන්න බැරි උනේ ඒ නිසා… අනික රටවල් දෙක අතර කාල වෙනසත් මේ හැමදේටම පොඩියට හරි බලපෑවා….
YOU ARE READING
වීනස්"🥀 #COMPLETE
Fanfiction🥀සෙනෙහසට ආදරෙන්... ආදරයම විතරක් ගෙන ආ... මගේ දෙව් දූ " වීනස්"🥀