16 වන දිගහැරුම

90 25 5
                                    


"Neeha's Fashion Collection" කොරියානූ ශාඛාවේ සමාරම්භය උත්කර්ෂවත් විදිහට පැවැත්වුනේ මාශීගේ පවුලේ අයත් සීමිත මිතුරන් කිහිප දෙනෙකුගේත් සහභාගිත්වයෙන්. BTS සාමාජිකයන්ට එන එක මාශී විසින්ම තහනම් කරලා තිබ්බේ එයාලගේ කටවුට් පෝස්ටර් දැකලා මේ වෙනකොටත් ශොප් එකම ෆැන්ස්ලගෙන් පිරිලා තිබ්බ නිසා.

" මාශී… අද මෙතනට අර කට්ටිය ආවනම් එහෙම ශොප් එකම කනපිට ගහලා යන්නෙ ඈ…"

" ඒක නම් ඇත්ත ජී හා… බලන්නකෝ ඉන්න සෙනඟ… අම්මෝ මගේ කොල්ලගේ කෑලි එකතු කරන්න වෙන්නෙ ඩස්පෑන් එකකට අද ආව නම්… "

" ඒකනම් ඇත්ත…. කොල්ලො ටික මාර හැන්ඩි නේ මාශීගේ ඇදුම් ඩිසයින්ස් ටිකට… ඒවා මාරම වෙනස් නේ…"

ඔප්පල ටික මගේ අලුත්ම ෆැශන් ඩිසයින් වලින් හැඩවෙලා කරපු ෆොටෝ ශූට් එකේ කටවුට් පෝස්ටර් බදාගෙන එක එක ඈන්ගල් වලින් ඉදන් ෆොටෝ ගහන ෆෑන්ස්ලා දිහා බලන් ඔන්නිලා දෙන්න කතාවෙනවා.

" මං ඕක කලින්ම දන්න නිසා තමා සූ හන් ඔන්නි බබානෝටවත් එන්න එපා කිව්වේ… ආවනම් මෙතන එකම යුද්දයක් … අනික එයාලට නිදහසකුත් නෑනේ …. අපිට නිදහසකුත් නෑ…"

" ඒ ඇයි අපිට නිදහසක් නැත්තේ…"

" ඇයි අනේ සූ හන් ඔන්නි… රවලා…. ඔරවලා…. රුසියාවට වඩා ලොකු ඉරිසියාව දෝරේ ගලලා මෙතන ගංවතුරට වඩා භයානක විනාසයක් වෙන්න තිබ්බ නේ, ෆෑන්ස්ලා ඔප්පලව අල්ලන් සෙල්ෆි ගහන්න ගියාම…"

" හ්ම්ම්.."

" එක්ස්කියුස් මී… මිස් මාශී…."

"යස්…."

" මේක ඔයාට…."

" මේ...මට… මෙච්චර ලොකු රෙඩ් රෝසස් බොකි එකක්…. කවුද දුන්නේ…."

" හ්ම්ම්ම් .. ගෙස් කරන්න බලන්න… "

" හිතෙන්නෙ නම් මගේ…… නෑ වෙන්න බෑ…. කොහෙද එයා…. "

" ඔයාගේ කැබින් එකේ… ගිහින් බලන්නකෝ… "

ලොකුම ලොකු රෙඩ් රෝසස් බොකි එකක් අරං ආව ඒ ගර්ල්ට තිබ්බේ හුරුපුරුදු මූනක්… ඒත් ඒ ගැන හිතනවට වඩා මං ඉක්මන් උනේ දීපු බොකේ එකෙන් ආව ජීවන සුවඳ අදුනගත්ත උනත් ඒ ගැන තිබ්බ සැකේ නිසා… හැරෙන පරක්කුවට මගේ කැබින් එකට දුවන් ගිය මං දැක්කේ ලස්සන හිනාවක් මූන පුරාම තියන් ඉන්න මගේ සුර දූතයයි, ඒ හිනාවටම නොදෙවෙනි සන්ශයින් හිනාවකින් මූන සරසගෙන මගේ පුටුවේ වාඩි වෙලා කැරකි කැරකි ඉන්න හාට් සොක් ඔප්පයි…

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now