" හ්ම්ම්ම්... යන් බලන්න... ඇත්තටම කවුද දන්නෙ නෑ හියුන්ග්ට කතා කලේ... කොල්ල ගාල කඩාගෙන වගේ දිව්වා මිසක් මුකුත් කිව්වෙත් නෑ.. අහ්හ්හ් මගේ නින්දත් කැඩුවා... අපරාදේ .."
" අනේ මන්දා.. කාටවත් කරදරයක් නම් වෙන්න එපා..."
" කෑමදාසලා ටිකට මොනා හරි කෑමක්වත් සෙට් වෙලා ද දන්නෙ නෑ ...."
" නෑ නෑ එහෙම උනා නම් එයාල එක්කෙනෙක් හරි අපි දෙන්නටත් එන්න කියනවා කෝල් එකක් හරි දීලා..."
" හ්ම්ම්ම්ම්.. ඒකත් ඇත්ත ..කාට අමතක උනත් නම්ජුනා කන්නෙ නෑ අපි දෙන්නට අඩනොගහා.."
" ඒකනේ.... එහෙනම් මොක ද උනේ අප්පා මෙයාලට..."
" එක්කෙනෙක් හොයන් එන්න කියලා ගියා හතරක්.... අඩුගානේ එකෙක්වත් නෑ ආපහු ආවේ උනේ මොකක්ද කියල කියලා යන්නවත් ...."
" අම්මප අහුවෙයන්කෝ අද .... මං මුන් ටිකට දෙනවා අද හොද ප්රැක්ටිස් සම්බුවක්... පරක්කු වුන පැයට, පැය 2ක් නටෝනව මං අද මුන්ව...."
කට්ටියටම දෙහි කප කප හොබී යොන්ගියත් එක්කම ගියේ කට්ටියව හොයන්න කියලා...
" අහ්හ්හ්... හියුන්ග් අර... අර ඉන්නෙ අපේ කට්ටිය නේද...."
" හ්ම්ම්ම්ම්.. ඔව්නේ..."
" අහ්හ් , මොනාද ඒ කට්ටිය එකා පිට එකා වැටිලා බලන්නේ..."
" ඒකනේ... අර බලන්නකෝ ජිමිනා.. මූගේ උසට ද වැඩ බලනවකෝ...කොටා වගේ ඉදන් තනි කකුලෙන් එල්ලිල ඉදන් එබීගෙන ඉන්න විදිහ.."
" හෑ... යකෝ... අර නම්ජුනා නේද දොර ළඟ බිම දිගා වෙලා බෙල්ලත් දික් කරන් දාරෙන් බලන් ඉන්නෙ..."
" මොනාද අප්පා ඔච්චර දුක් විදගෙන කට්ටියම බලන්නෙ.. කජා... අපිත් ගිහින් බලමු..."
" වහ්හ්හ් කුකියට නම් අද පත්තුවකුත් බඳින්න වෙයි වගේ හොබියෝ..."
" ටේයුනා නම් වන්නමක් නටන්න වගේ... බලනවකෝ මැන්ඩියට ඉන්න ලස්සන ..."
හිනාවෙවීම මේ දෙන්නත් කට්ටියගෙ කල්කිරියාව දිහා බල බලම එතනට ලං වුනේ කට්ටිය මේ තරම් උවමනාවෙන් බලන්නෙ මොකක්ද කියල බලන්නයි.
YOU ARE READING
වීනස්"🥀 #COMPLETE
Fanfiction🥀සෙනෙහසට ආදරෙන්... ආදරයම විතරක් ගෙන ආ... මගේ දෙව් දූ " වීනස්"🥀