"හරි හරි දැන් යං කේක් එක කපන්න.."
තවත් කතාව ඇදෙන්න කලින් ජීන් එහෙම කිව්වා...හැමෝගෙම සුභ පැතුම් මැද ජීන් කේක් එක කපල, එයාගෙ patients ලා එක්ක සතුටු වුනා...වෙනස්ම ලෝක වල ඉන්න මේ අසරණයොන්ට මේ වගෙ දෙයක් හරි ලොකු දෙයක් නෙ...අපිට පොඩි දෙයක් වුනාට...මේ වෝඩ් එකට ආවට පස්සෙ සතුට කියන දේ නැති ඒ ජීවිත වලට මෙහෙමවත් ඒ හැගීම දෙන එක ලොකු පිනක්...ජීන්ට ඕන වුනෙත් ඒක..අනිත් එක තමන්ව සුව කරන්න මහන්සි වෙන doctorගෙ උපන්දිනේ වෙනුවෙන් සුභ පතන එකත් එයාලට ලොකු දෙයක්....
ඉතින් ඔය විදියට හැමෝම සතුටු වෙන අතරෙ ජීන්, සෝයුන්, ලීස් තුන් දෙනාගෙ ඇස් ගියේ ජී එයුන්ට...මෙච්චර කල් ජන්කුක්ට ඇරෙන්න කිසිම කෙනෙක්ට මීටර් නොවුන දේ...ඔව්, ඒ වෙලාවෙ ජී එයුන් හිටියෙ ටේහියුන් එක්ක හිනා වෙවී ලොකු කතාවක...ජී එයුන් සිහියක් නැතුව දොඩවන දිහා ටේහියුන් හිනාවෙවී බලන් ඉන්නවා....මේක දකින ඕන එකෙක්ට තේරෙනවා දෙන්නා කාලෙක ඉදන් හොඳට අදුරනව කියලා....කොහොමත් මේ දවස් ටිකට ටේහියුන් කෙල්ලට ගොඩක් සමීප වුනා වචනයක්වත් කතා නොකරත්....
ජන්කුක් නම් කලින් ඉදන් ඕක දන්න නිසා ගනන් නොගෙන, නොදැක්ක ගානට ඉදියා...එහෙමමත් නෙවෙයි, ඒත් ටේහියුන් කියන්නේ ලෙඩෙක්...ඉතින් මොකො රණ්ඩු වෙන්න, ගහගන්නද නෑනෙ....අඩුම බනින්නවත් පුලුවන් ද ඒ අහිංසකයට බෑ නෙ...අනිත් එක ජන්කුක් doctor කෙනෙක්...ඔය දේවල් නිසා ජන්කුක් ඉවසුවා...🙂
ඒත් අනිත් තුන්දෙනා පුදුම වෙලා..එක පැත්තකින් ඒ තුන්දෙනාට සතුටුයි මොකද ජී එයුන් බයම, එන්නවත් අකමැති තැනක් වෙච්චි මේ වෝඩ් එක...ඒත් දැන් එයා ඒ කිසිම දෙයක් ගානක් නැතුව හිනාවෙනවා....එහෙම තමයි බය දේවල් වලට මොකක් හරි හේතුවකට සමීප වෙන්න ගත්තට පස්සෙ ඒ බය කියන එක නැතිවෙලා යනව...
ඊලඟ එක ටේහියුන්, එයත් සතුටින්...මනසින් දුර්වල කෙනෙක්ගෙ හිනාව කියන එක හරිම දුලබ දෙයක් ඒත් අද එයා හිනාවෙනවා...ජී එයුන් නිසා...මේක දැක්ක ජීන්ට ඒක ලොකු පුදුමයක් වගේම සතුටක්....තමන්ගෙන් ප්රතිකාර ගන්න ලෙඩෙක් මෙහෙම සතුටින් ඉන්නවා දකින එක තමයි doctor කෙනෙක් විදියට ලබන්න පුලුවන් ඉහළම දේ....මේ වෙලාවෙ ජීන්ටත් එහෙමයි....
![](https://img.wattpad.com/cover/283146624-288-k902316.jpg)
DU LIEST GERADE
U Are My Crazy || KTH || Completed
Fanfictionඒ දෑස් දෙස බලද්දි, හිනාවන් දකිද්දි, උණුසුම දැනෙද්දි, හදවත ස්පර්ශ කරද්දි, ඒ දැනෙන හැගීම, උමතුවක්__ ඒ ආදරය උමතුවක්__ • U are my crazy •