Chapter 20🍁

146 31 9
                                    


Eun's pov:

"ඒ මෙයාව අරන් යන්න...
ටේ කෝ නැගිටින්න..."

වෙන කිසිදෙයක් ගැන හැගීමක් නැතුව මාව බදන් තුරුල්වෙලා ඉන්න ටේව නැගිට්ටන්න උත්සාහ කරමින් මං කතා කරා...සෝයුන්ල එක්ක එයාවත් යවන්න ඕන දැන් හොඳටම රෑ වෙලා...එයාව hospital එකේ තියාගන්න බෑ කොහෙත්ම...
අකමැත්තෙන් නැගිට්ට ටේ මූණත් බෙරි කරන් ඉන්නෙ යන්න බැරි නිසා කියලා මං දන්නවා...ඒත් එයාව නම් ආයෙ මේක අස්සෙ තියන් ඉන්න කිසිම ආසාවක් නෑ මට...

"මං හෙට උදේට එනවා...ඒ නිසා දැන් හොඳ ලමයා වගෙ යන්නකො මේ දෙන්නත් එක්ක.."
ලොකු දෙයක් නෙවෙයි නිසා හෙට මාව ඩිස්චාර්ජ් කරාවි...ටේ දැන් අඩන්න වගෙ...අයියෝ මේ කොල්ලා...

"කෝ අඩන්නෙපා...ටේ ගුඩ් බෝයි කෙනෙක් නෙ...දැන් යන්න පරිස්සමින්...
සෝයුන් මං හෙට එනවා නෙ...එතකන් මෙයාව පරිස්සමින් බලාගන්න හරිද..."

ටේව යවන්නත් හිතක් නෑ මට..ඒත් තියාගන්නත් බෑනෙ...ඒ නිසා එහෙම සෝයුන්ට කියලා අමාරුවෙන් ටේව යැව්වෙ එලියට පනින්න දගලන කදුලු නවත්තගන්න හදන ගමන්...එයත් අඩනවද මන්ද...මේ ටික වෙලාවට වෙන්වෙලා ඉන්න බැරුව දගලන අපි දෙන්නා කවදාහරි...............
මට නම් ඒ ගැන හිතන්නවත් බෑ දෙයියනේ...
බයක් නම් නෑ...සෝයුන් ලීස් දෙන්නා මං වගේම හොඳින් ටේව බලාගනියි...ඒත් ටේ මං නැති නිසා මොන කලබලයක් කරයිද කියන බය තමයි තියෙන්නේ....

.

.

.

ඇත්තටම මට මොකක්ද මේ හදිසියේ වුනේ...මට ආයෙත් මතක් වෙන්න ගත්තෙ සිහිය ආව වෙලාවෙ ජන්කුක් කිව්ව දේවල්....

ᖴᒪᗩՏᕼᗷᗩᑕK........

ඇගට පණ නැති ගතියක්,ඔලුව කැක්කුමක් වගේම ඇගම වේලිලා වගෙ දැනුන හැගීමක් එක්ක හීනෙන් වගෙ මට වුන දේ මතක් වුනා...ජන්කුක් එක්ක පොලිසියට ගියා එතනට මං කොහොමත් බයයි...ජීවිතේට ගියපු තැනක් නෙවෙයි නෙ...ඒත් ටේ වෙනුවෙන් ගියා ඉතින්...පොඩ්ඩක් ඒ අවුලෙන් හිටියත් ඒ ගැන එච්චර හිතන්න දෙයක් තිබුනෙ නෑ....
ඒත් එතනින් ඇවිත් ටික දුරයි එන්න පුලුවන් වුනේ...කියාගන්න පුලුවන් වුනෙත් ජන්කුක් කියලා විතරයි...අන්තිමට මතක එයා මාව අල්ලගන්නව විතරයි...

U Are My Crazy || KTH || Completed Où les histoires vivent. Découvrez maintenant