Chapter 30🍁

186 24 35
                                    

(ලමයි අද පොඩි 18+ කොටසක් ඇති..මං කලින්ම දැනුවත් කරා ඔන්න..කතාවෙ මැදදි එහෙම warn එකක් දීලා නැතුව ඇති...මොකද කතාවට මැදින් බාධා කරන්න මං කැමති නෑ ඒකයි...

ඒකයි මුලින්ම මෙහෙම දැම්මෙ...කියවන, නොකියවන එක ඔබ සතුයි...අපහසුයි නම් skip කරන්න...ඒක ප්‍රශ්නයක් නෑ...

සහ මේක සම්පූර්ණයෙන්ම fanfiction එකක් පමණි...)

.

.

.

කාලෙකට පස්සෙ හුරුපුරුදු උණුසුමේ ඒත් නුපුරුදු ආකාරයකට යුන්ටේ දෙන්නා එකිනෙකාට තුරුල්වෙලා නිදාගෙන හිටියා...වෙනදට නම් එයුන්ගෙ තුරුලෙ නිදාගන්නෙ ටේ ඒත් අද එයුන් තමයි ටේගෙ පපුවට තුරුල්වෙලා නිදන් හිටියෙ...ටේ හිටියෙ තමන්ගෙ අත්දෙකෙන්ම සම්පූර්ණයෙන් එයුන්ව බදන්...ඒක තමයි හැමදාමත් එයුන්ට ඕනවුනේ...
ඒ විදියට තමන්ගෙ ප්‍රේමවන්තයට තුරුල්වෙලා ඉද්දි දැනෙන ඒ හැගීමට, ආරක්ෂාවට හැමදේටම එයුන් ආස කරා...එයුන් හීන මැව්වෙ එහෙම ඉන්න...මුලින් ටේගෙ තත්වෙ එක්ක ඔක්කොම අනිත් පැත්ත වුනත් දැන් ඒ හැමදේම එයුන් කැමතිම විදියට වෙන්න පටන් අරන්...

"ම්ම්හ්..ටේ..."

මූණ පුරා සියුම් කිතියක් දැනෙද්දි එයුන්ට ඉබේම ඇහැරුණා...එකපාරටම නිදිමතේ ටේව දැක්කම එයුන් ගැස්සුනත් ඊයෙ ටේව ආයෙ මුණගැහුන බව එයුන්ට පස්සෙ මතක් වුනා...
ටේ හිටියෙ එයුන්ගෙ මුහුණ පුරාම සිපගන්න ගමන්...ඒ තෙත තොල් වදිද්දී දැනුන කිතියට තමයි එයුන්ට ඇහැරුනෙ...
බොහොම ආදරණීයව සිහින් සිනාවක් එක්ක නිදිබර කටහඩින් එයුන් ටේව ඇමතුවා...
නමුත් ටේ නම් හිටියෙ දැන් හොඳටම ඇහැරිලා....
ටේ විතරක් නෙවෙයි හැබැයි හොඳටම ඇහැරිලා හිටියෙ..තවත් අය ඇහැරිලා...🌝🙂

"ගුඩ් මෝනින් ඒන්ජල්..."

"ඒන්ජල්?"

හදිසියේම ටේ කියපු ඒ නම ඇහුනම එයුන්ට දැනුනෙ තමන්ගෙ කම්මුල් රත්වෙනවා වගේ...යුන් යුන් ගගා පස්සෙන් ආව කොල්ලා මෙහෙම කියද්දි...එයුන්ට හිතාගන්න බැරිවුණා..ඒනිසාම ආයෙත් ඒකම පෙරලා ටේගෙන් ඇහුවා..

"හ්ම් ඔව් ඒන්ජල්..මගේ ඒන්ජල්...මිනිස්සු කිව්වට සුරංගනාවියො අපිට උදව් කරන්න එනවා කියලා ඒවා සුරංගනා කතා විතරයි...ඇත්තටම මට මුණගැහුන සුරංගනාවි ඔයා...ඔයාවත් පැත්තකින් තියල මට උදව් කරපු...

U Are My Crazy || KTH || Completed Où les histoires vivent. Découvrez maintenant