Chapter 25🍁

124 27 44
                                    


Author's pov:

වේදනාවේ සහ රිදීම්වල වෙනසක් නැතිවුණත් කාලය ගතවෙනව...
ඒක කාටවත් නවත්තන්න බෑ...
සමහරවිට හැමදේටම උත්තරේ කාලය වෙන්නත් පුලුවන්...
ඒත් ටේහ්‍යුන් එයාගෙ විදවීම නැතිකරගන්න පුලුවන් ක්‍රමේ විදියට තෝරගත්තෙ රටින් පිටවෙන එක...
හැමදෙයින්ම ඈත්වෙලා ඉන්නකොට වේදනාව අඩුවෙයි කියලා එයා හිතුවා...
දේවල් ලේසියට අමතක කරන්න පුලුවන් වෙයි කියලා එයා හිතුවා...
ඇත්තටම එහෙම ඉදියම හැමදේම හරිද!?
එතකොට තමන්ට ආදරේ කරන අය...
එක දෙයකින් මිදෙන්න තමන් වටෙ ඉන්න හැමෝම දුක් කරන එක හරිද...
ඒත් දන්න තේරෙන කාලෙ ඉදලම වේදනාව, විදවීම්, රිදීම් කියන දේවල් විතරක් පිරුණ ටේහ්‍යුන්ගෙ ජීවිතේට තවත් මේ දේවල් දරාගන්න බැරිනම්,
එයාට ශක්තියක් නැත්තං,
එයාට මහන්සියි නම්,
ඉතින් ටේහ්‍යුන් මේ තීරණේ ගත්තට මුකුත් කියන්නත් බෑ නේද!?
ටේහ්‍යුන්ටත් පුදුමයි තමන් ගැනම මීට වඩා දුක් ඉවසපු තමන් ඇයි 'ආදරේ' ඉස්සරහ මේ විදියට දුර්වල වුනෙ කියන එක.....
මොකද ඒ 'ආදරේ' නිසා...

හැමාතින්ම දුක විතරක් උරුම වුන ජීවිතයක් හොයන්නෙ සැනසීමක්...
ඉතින් ටේහ්‍යුනුත් ඒ වගේ...
එයාට දැන් මෙ හැමදේම ඇති...
මුල ඉදන් ඔක්කොම පටන් ගන්නයි උවමනාව...
තමන් වෙනුවෙන්, තමන්ගෙ ආදරේ වෙනුවෙන්....
ශක්තිමත් වෙන්නයි අවශ්‍ය දැන්...
හැමදාම දුර්වලව ඉදියා ඇති දැන්...
ටේහ්‍යුන්ගෙ සිතුවිලි දැන් ශක්තිමත්..
සමහරවිට එයුන්ගෙන් වෙන්වීම ටේහ්‍යුන්ට හොඳක් කරන්නත් ඇති...
කෙල්ල ලග හිටිය නම් කවදාවත් ටේහ්‍යුන් මේ විදියට නොහිතාවි..
නැත්තං එයාට ලැබුන හොඳ ප්‍රතිකාර වල ප්‍රතිඵලයක් වෙන්නත් පුලුවන් මේක...
කොහොම නමුත් එයා දැන් නැගිටින්න උත්සාහ කරනවා...
ඉතින් හැමෝටම ඕන වුනෙ ඒක නෙවෙයිද...
කවුරුත් දකින්න ආස කරෙ මේක නෙවෙයි ද...
එහෙනම් එයා යන ගමනට උදව් දෙන එක නේද කරන්න ඕන...
අනිවාරෙන්ම, ජිමින් වගේම ජීනුත් ඒක හොදින්ම තේරුම් ගත්තා....
ඒ නිසා එයාල ටේහ්‍යුන්ට යන්න අවස්ථාව උදා කරල දුන්න..
ඒකට උදව් කරා....

ජිමින් මුලින් මේකට කැමති වුනෙ නෑ...
මොන යාලුවද කැමති වෙන්නේ එහෙම..
ටේගෙ තත්වෙ හොදින්ම දැන දැනත් නොදන්න රටක එයාව තනිකරන්න මොන යාලුවටද පුලුවන්...
අනිත් එක ජිමින්ට ටේව මගෑරුනා...
ගොඩ කාලෙකට පස්සෙ අමාරුවෙන් ටේව මෙහෙම තමන් ගාවට ගත්තෙ...
ඉතින් ආයෙත් ටේව තමන්ගෙන් ඈත් කරන්න...
විශේෂයෙන්ම ටේ දැන් ඉන්න තත්වෙත් එක්ක...
ජිමින්ට ටේගෙ මේ තීරණේට එකග වෙන එක ලේසි වුනෙ නෑ...
ලේසි වුනෙ නෑ කියන්නේ ජිමින් කොහොමටවත්ම කැමති වුනේ නෑ....
නමුත් ජීන් මේ ගැන දැරුවෙ වෙනම අදහසක්...
ජිමින් එයාට කියපු ගමන් ටේගෙ මේ තීරණෙ ගැන ජීන් කැමති වුනා...
ඔව් ජීන් කැමති වුනා ටේව වෙන රටකට යවන්න....
ජිමින් වගේම ටේත් හිතුවෙ නෑ ජීන් මේකට කැමැත්ත දෙයි කියලා...
ජීන්ටත් පුදුමයි තමන් කොහොමද ටේට යන්න දෙන්නෙ කියන එක...
නමුත් වැඩිහිටියෙක් විදියට ජිමින් දකින්නෙ නැති ගොඩක් දේවල් ජීන් දැක්කා...
ටේට කොහොමත් එයුන්ව අමතක කරන්න බැරි බව ජීන් දැනන් හිටියා...
ඉතින් ඒ මතක එක්ක ටේට ඉස්සරහට යන එකත් අමාරු බව ජීන්ට තේරුනා...
ඒ වගේම එයුන් අනිවාරෙන්ම ටේව හොයන බවත් ජීන් හොඳාකාරවම දැනන් හිටියා...
එහෙම නොවී තියෙන්න හේතුවක් නෑනෙ...
කෙල්ල තාමත් හරි සිහියක නැති නිසා ඔහොම පාඩුවෙ ඉදියට ලගදිම කෙල්ල ටේව හොයන බව ජීන් දැනන් හිටියා...
ඒ වගේම තමයි ජන්කුක්, එයා දැන් හැමදෙයක්ම දන්නවා...
ඉතින් ජන්කුක් ජීන්ට පොරොන්දු වුනත් දේවල් සිද්ධනොවී තියෙයි කියලා හිතන්න ජීන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ.....
විශේෂම දේ ටේ පිරිමියෙක් විදියට හැඩගැසිය යුතු වුනා...
මෙහෙ ඉදන් ඒක කොහොමත් කරන්න බෑ....

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now