Chapter 14🍁

157 34 19
                                    

Still eun's pov:

වුනේ මොකක්ද කියලා හිතාගන්නවත් නොදී මේ ජන්කුක් කෑගහන්,දුවල ඇවිත් මගෙ පිටිපස්සට වෙලා මාව බදාගත්තා...

මොකක්ද යකූ මේ වුනේ....මූට උදේම මක්ක වෙලාද...😑 මොහොකට හරි බයවෙලා වගේ...අඩේ මාව බදාගත්තා නේද..යට ඇදුම් ඇදලත් නැ මං..🙂

'ජන්කුක් එහාට වෙන්න..මොකද වුනෙ...අයින්ට වෙන්නකො..'

මං එයාව එහාට කරන්න දැගලුවා..ලේසියට ගැලවෙන්නත් බෑ ඒ ඇගත් එක්ක...ඇයි මගුල 😑 දැන් බොරුවටවත් එක්ක ඉන්නවා ඇත්තෙ ඔය...එයාගෙන් මොකක්ද වුනේ කියලා ඇහුවට ඒකට උත්තර ලැබෙනකම් බලන් ඉන්න වුනෙ නෑ මට...
     ටැනියා බුරාගෙන, දුවාගෙන ඇවිත් මගෙ ඉස්සරහ නැවතුනා...හෝ හෝ හරි හරි 😂 දැන් තමයි තේරුනේ සීන් එක..සුවර් එකට ටැනියා ජන්කුක්ව බය කරල..නැත්තං ඉතින් ජන්කුක්ත් මොකක් හරි ඕන නැති දෙයක් කරන්න ඇති ටැනියට..ඒක තමයි නැත්තං ටැනියා මෙහෙම වෙන්නෑ එකපාරටම...එයාට ඕන පාඩුවෙ ඉන්න...ටේ වගේමයි...පුලුවන් තරම් ඉවසනව පාඩුවෙ ඉන්න දුන්නෙ නැතිවුනොත් ඉතින් ආයෙ.... ජන්කුක් තමයි ටැනියව දැන් අවුස්සගන්න ඇත්තෙ...හොඳ වැඩේ..හොඳම වැඩේ 🙂

ටැනියා නපුරුයි..එයත් එක්ක හොදින් ඉන්න අයට එහෙම නෑ හැබැයි...ජන්කුක් ඉතින් එයාගෙ අයිතිකාරයාට ඒ කියන්නේ ටේටත් ඉන්න දෙන්නෑ කියලා ටැනියට තේරෙන්න ඇති..😌 හොඳම වැඩේ මේ කුක්කට...මිනිස්සුන්ට කරදරයක් වුනාම හිනාවෙන්න හොඳ නැතිවුනත් මේකට කමන්නෑ...මට හිනහයි ඒත් එලියට දාන්න ගියෙ නෑ..මොකක් වුනත් හරි නෑනෙ...🙂

'ටැනියෝ...මොකක්ද වුනෙ..'

මං එහෙම්ම ටැනියගෙන් ඇහුවෙ..ටැනියා ඇස්පිය නොගහ මං දිහා බලන් ඉද්දි...වැරදි වැඩක් කරපු නිසා මගෙන් බැනුම් කියලා තේරෙන්න ඇති...
ටේ වගේමයි...වැරැද්දක් කරල ඇස් බෝල කරන් බලන් ඉන්නවා...එතකොට මං බනින්නෑ නෙ....ටැනියගෙ හැම හැසිරීමක්ම මට මතක් කරන්නේ ටේව...

'ටැ---ආ...මේ මොකද මේ...'

එහෙම කියාගෙන ආවෙ ලීස්...ඒකිත් රෑ නිදාගත්ත එක පිටින්...ඔක්කොම එකයි බලන් යනකොට...කොහේ ගියත් ගෙදර ඉන්න පුරුදු අතාරින්නෑ මුන් 🙂 මං හිතුවෙ මං විතරයි එහෙම කියලා...

U Are My Crazy || KTH || Completed Dove le storie prendono vita. Scoprilo ora