Still Ji eun's pov:
"හායි, ජී එයුන් නේද..."
කවුද වදේ ඒ පාර...😑 හායි තමයි...මගෙ නමත් දන්නවා...මං මූණ හරවල ආව එකා දිහා බැලුවා...හම්මට..කවුද බොලේ මේ..🧐 හදවත මොහොතකට නතර වුනාද කොහෙද...මං නම් කියන්නේ මෙතන හොරාට drama එකක් shoot කරනව වෙන්න ඕන...ඇයි හත්වලාමේ බලන බලන කොල්ලා ලස්සනයි නෙ...මේකාත් එහෙමයි 🙂
ම්ම්ම්...මෙයා නම් doctor කෙනෙක්...කෝට් එක දාගෙන නිසා කියන්න පුලුවන්...කලින් දැකල නැ අලුත් ඇති....මේකෙ ඉන්න doctorsලයි, patientsලයි ඔක්කොම හැන්ඩ්සම් නෙ යකූ...ජීන් ඔප්පා, දැන් මෙයා, එතකොට ලෙඩෙක් වුනත් අර හුරතල් කොල්ලා...ආහ් ඔක්කොම රගපාන්න යවන්න ඕන...
මෙයාලව දකින අසරණ අපි වගෙ කෙල්ලො පිස්සු හැදිලා මේ වෝඩ් එකේම නවතිනව ඇති...නෑ බොරුවට පිස්සු වගෙ රගපාල මෙතන නැවතිලා ඉන්නවා ඇති...😶 දැන් නම් මටත් හිතෙනවා එහෙම කරන්න...නැත්තං මෙයාලව දකින නිසා මෙතන ඉන්න අයට තව පිස්සු වැඩිවෙනව ඇති...අනේ මන්ද...😑"හායි..."
ඇහ්...මං මේකා දිහා බලන් මනෝපාර ගහන් ඉදල විතරද...කතා කරල නැද්ද...නැති නිසා නෙ මූ ආයෙ හායි කිව්වෙ...වස නෝන්ඩිය කොල්ලො දැකල නෑ වගෙ හරියට....මෙහෙමයි ඉතිම් දැකල තිබ්බට මෙහෙම ලස්සන අයව දැකල නෑනෙ...😌"හා-හායි..."
කෝමහරි හායි කියාගත්තා....වෙච්චි ලැජ්ජාව වහගන්නත් එක්ක පොඩි හිනාවක් දාල ආයෙ අර හුරතල් කොල්ල එක්ක කතා කරන වැඩෙටයි යන්න හැදුවෙ.....කොහෙද මූ කතාවට අල්ලගත්ත නෙ....😑"සෝයූන් ගෙ යාලුවා නේද..."
මූ ඒකත් දන්නවා...ආහ් නමත් දන්නවා නේද මගෙ 😏 හරි හරි මේ hospital එකේ ඕක නොදන්න එකෙක් නෑ ඉතිම්...."හ්ම් ඔව්...."
"මං ජන්කුක්....ඩොක්ටර් ජීන් එක්ක වැඩ කරන්නේ...."
අහ් හරි හරි...දැන් තේරෙනවා එනපොට...ඇත්තටම වෙන වෙලාවක වගෙ නම් මාත් පැණිය හලන් ඉන්නවා...ඒත් දැන් බෑ....අරයා එක්ක කතා කරන්න ඕන අද නම් කොහොමහරි...."ආහ් එහෙම ද"
" ඉතින් අපි අදුරගමු....ජීන් හියුන්ග්වත් දන්න එකේ...යාලුවො වෙන්න පුලුවන් නෙ අපිට...."
ESTÁS LEYENDO
U Are My Crazy || KTH || Completed
Fanficඒ දෑස් දෙස බලද්දි, හිනාවන් දකිද්දි, උණුසුම දැනෙද්දි, හදවත ස්පර්ශ කරද්දි, ඒ දැනෙන හැගීම, උමතුවක්__ ඒ ආදරය උමතුවක්__ • U are my crazy •