Chapter 08🍁

173 37 11
                                    


"සාදරයෙන් පිලිගන්නවා ඔයාගෙ අලුත් ගෙදරට...එන්න ඇතුලට...අද ඉදන් මේක තමයි ඔයාගෙ ගෙදර...හරි ද!?"

Taehyung's pov:

එයා එහෙම කියලා මං ඇතුලට අඩිය තියන්නත් කලින් මාවත් ඇදන් ඇතුලට ගියා....හ්ම්ම් ගෙදර හොඳයි...කොහොමත් මං කලින් හිටපු තැන්වලට වඩා හොඳයි, ලස්සනයි...මං කැමතියි...

ඇයි මං අකමැති වෙන්නෙ ඉතින්...මොකද මං ඉන්නෙ දැන් මං මේ ලෝකෙ ඉන්න කැමතිම කෙනා එක්ක නෙ...මට තාමත් පුදුමයි මේ දේවල් ඇත්තක්ද කියලා...මට හිතෙන්නෙම අනිත් දේවල් වගේම මේකත් හීනයක් විතරයි කියලා..මොකද කවදාවත් මගෙ ජීවිතේදි මං වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු කිසිදෙයක් ඒ විදියට වුනේ නෑ....ඒත් මොකක්දෝ පුදුමෙකට මං එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු එක දෙයක් ඇත්තටම වෙලා දැන්...

ඒ තමයි එයා එක්ක දිගටම ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරපු එක....
         හොඳයි ඒක වුනෙ කොහොමද කියන්න මං දන්නෑ...ඒ දේවල් හිතන්න මං මහන්සි වෙන්නෙත් නෑ...මොකද එයත් කැමැත්තෙන් නෙ මාව තියන් ඉන්නෙ...

ඒත් ලගකදි ඉදන් doctor මං ගැන ලොකු සැලකිල්ලක් පෙන්නුවා...ඒක එහෙම වෙන්න ඕන මොකද මං එයාගෙ patient කෙනෙක්...ඒත් අනිත් අයට පෙන්නන්නෙ නැති විශේෂ සැලකිල්ලක් මට පෙන්නුවා කියලා මට හිතෙනවා...
            එයාම දවසක් ඇවිත් මගෙන් ඇහුවා ' ඔයා එක්ක අර කතා කරන ගෑනු ලමයා එක්ක ඉන්න කැමති ද' කියලා...

මට ඒ වෙලාවෙ මුකුත් හිතුනෙ නෑ...ඇයි මාව hospital එකෙන් යවන්නෙ..මට බෙහෙත් කරල ඉවරයි ද!?, නැත්තං වෙන දෙයක් නිසාද!?...මං ඒ මුකුත් දන්නෑ...මට ඒවා අහන්න ඕන වුනෙත් නෑ...මං මගෙ ඔලුව වනල හා කිව්වා...
          ඇත්තටම ඇයි මං එයා එක්ක ඉන්න අකමැති වෙන්නෙ...මට ඕන වෙලා තිබ්බෙත් ඒකම වුන කොට...

doctor දන්නවා මාව බලාගන්න හොඳම කෙනා කවුද කියලා...ඒ නිසා වෙන්නැති මාව එයාට භාරදුන්නෙ...එත් ඇයි එච්චර මං ගැන සැලකිලිමත් වෙන්නෙ...කලින් ඉදපු තැනට මාව යවන්න තිබ්බනෙ...

හරි හරි ....දැන් බොරුවට ඕවා ගැන හිතල තවත් ලෙඩ වෙන්න ඕන්නෑ...කාලෙකට පස්සෙ තමන් හිතපු දෙයක් සැබෑ වුනා නෙ...ඉතින් ඒක ගැන හිතල සතුටින් ඉන්න...කියලා මං මටම කියාගත්තත්...කවද වෙනකම් මේ සතුට තියෙයිද කියන එක මං දන්නෑ...කොහොමත් හැමදාටම නෙවෙයි කියන එක මට තේරෙනවා...මං සම්පූර්ණයෙන්ම සනීපයි කියලා doctor කිව්ව දවසට මට යන්න වෙනවා මෙහෙන්...ඒත් කමන්නෑ ගෙවෙන විනාඩිය හරි එයා එක්ක ඉන්න එක සතුටක් මට....

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now