Author's pov:At Jimin's place...
"හාහ්...ඒ කියන්නේ අපේ උත්සාහය සාර්ථකයි..."
හොබී අහපු දේට තමන්ගෙ ඇස් හීනි කරන හිනාවෙන් සංග්‍රහ කරේ ජිමින්...
හොබී: ඒ කියන්නේ ඉතින් ජිමිනට අපිව අමතක වෙයි...
ජිමින්: පිස්සුද හියුන්...ඔයා මේ කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නෑ..
හොබි: ලොකු දෙයක් හැබැයි හෙට ඉදල උඹේ ඇඩිල්ල අහන්නෙ නැතුව ඉන්න පුලුවන් මට...😌
ජිමින් බොරු අමනාපයක් මවන් හිනාවෙවී හොබීගෙ අතට ගැහුවා ඒ කිව්ව එකට...
ඇත්තටම හොබීටත් ගොඩක් සතුටුයි ජිමින්ගෙ මහන්සිය අපතෙ නොයාම ගැන...ජිමින්ගෙ වගේම තමන්ගෙත්...
ටේහියුන් කියන කෙනාව ඇහැටවත් නොදැක ජිමින්ගෙ කට වචනෙට, ඒ ඉල්ලීම අහක දාන්න බැරිකමට තමයි හොබී ටේව හොයාගන්න වැඩේට හුගක් මහන්සි වුනේ...
ඉතින් ඒ හැමදේකම ප්‍රතිඵලේ විදියට ජිමින්ගෙ බලාපොරොත්තුව විදියට හෙට ටේව ජිමින් ගාවට ගෙනත් දෙනවා...අවුරුදු ගානක් මගෑරුන හොඳම යාලුවව..තමන් ආපහු එනකොට ලෙඩෙක් වෙලා ඉන්නවා දැකපු ඒ ඇස් වලට තමන්ගෙන් අතපහු වුන හැමදෙයක්ම හරිගස්සන්න අවස්ථාවක් විදියට හෙට ටේව තමන් ලගට එන එකට ජිමින් සතුටු නොවී ඉන්නෙ කොහොමද....
ඒ ඇස් දිලිසෙන විදිය හොබී හොදින්ම දැක්ක...ජිමින්: ඇත්තටම හියුන්...ඔයා මට කරපු උදව් වලට කොහොම ස්තූති කරන්නද මන්ද...
Thank you so much...හොබි: පිස්සුද ජිමිනා thanks මොකටද ...දන්නවනෙ මං ගැන ඉතින්...😎
ජිමින්: එහෙම නෙවෙයි හියුන්...කොරියාවේ හරියට කඩයක් තියෙන තැනක්වත් දන්නෙ නැති මට..මං කියපු ගමන් ම ඇවිත්, කිසිදෙයක් ප්‍රශ්න නොකර ටේව හොයන වැඩ වලට උදව් කරේ ඔයා...
මට උදව් ඉල්ලන්න වෙන කෙනෙක් හිටියෙත් නැහ්...මේ කොරියාවේ එහෙම උදව් ඉල්ලන්න අය මං දන්නෙත් නෑ...අනිත් එක මෙහේ තනියම කිසිදෙයක් කරගන්න බැරිව හිටපු මං ගාවින්ම ඉදන් හැමදේම හොයල බලල උදව් කරාට ගොඩක් තෑන්ක්ස් හියුන්...
හියුන් දන්නවා නෙ...මට මේ ප්‍රශ්නෙදි අප්පගෙන්වත් කිසි උදව්වක් ඉල්ලන්න පුලුවන්කමක් නොතිබුන බව...
මං තනිවෙලා නෑ කියන දේ දැනෙන්න දුන්නට ඇත්තටම තෑන්ක්ස් හියුන්...
YOU ARE READING
U Are My Crazy || KTH || Completed
Fanfictionඒ දෑස් දෙස බලද්දි, හිනාවන් දකිද්දි, උණුසුම දැනෙද්දි, හදවත ස්පර්ශ කරද්දි, ඒ දැනෙන හැගීම, උමතුවක්__ ඒ ආදරය උමතුවක්__ • U are my crazy •