Chapter 24🍁

128 28 61
                                    


Tae's pov:

"යුන්......යුන්.....අනෙ මාව බේරගන්න....යුන්, අනේ...."

හොදටම දාඩියත් දාන් මං කෑගහගෙන ම නැගිට්ටා....
කොහෙද මං ඉන්නෙ...ජිමිනගෙ ගෙදර නේද.......
එකපාරටම කිසිදෙයක් හිතාගන්න බැරිවුනත් පස්සෙ ඒක හීනයක් කියලා මට තේරුම් ගියා.....
ආහ්...ඒත් ආයෙත් පාරක් ඒ හීනෙම...
ඇත්තටම ඒක හීනයක් නෙවෙයි...
මං මූණදුන්න භයානකම, මූසලම, පිලිකුල්ම, ආයෙ මතක් කරන්නවත් අකමැති ඇත්තම සිදුවීම.........
යුන්ව දාල ආවට පස්සෙ හිතේ තියෙන අවුලටද මන්ද ඒක හීනයක් විදියට මට මෙ දවස් ටිකේම පෙනුනා....
යුන් කිව්වම මතක් වුනේ මං කෑගැහුවෙ එයාගෙ නම කියලා නේද....
දෙයියනේ එයාගෙන් නේද මං උදව් ඉල්ලුවේ.....
එයා ලග නැතුවත්.....
කොච්චර වුනත් එයා ගාවදි දැනුන ආරක්ෂාව, සැනසීමට මං තාම ලෝභයි....
ඒ නිසා වෙන්නැති......

"ටේ-ටේ මොකද වුනේ...."

අයියෝ ජිමිනත් ඇහැරිලා...
දැන් පාන්දර තුනට විතර ඇති...
එයා හොඳ නින්දක ඉන්න ඇත්තෙ...
මං නිසා කරදරමයි හැමෝටම....

"මොකද වුනේ...හීනයක් දැක්කද..."

මං මුකුත් නොකියන නිසාම ජිමින් එහෙම අහල මාව බදාගත්තා...
මාත් එයාට තුරුල් වුනේ වෙනදට මෙහෙම දෙයක් වුනාම දැනෙන එයුන්ගෙ උණුසුම මතක් කරගන්න ගමන්....

"ඒක නෙවෙයි...ඔයා කෑගැහුවෙ කාගෙ නම කියලද..."

"එ-ඒ මාව බලාගත්තු ගෑනු ළමයා...."

මං පොඩ්ඩක් පැකිලිමකින් ජිමින්ට කිව්ව....
ඒත් එක්කම ජිමින් මාව ඈත්කරල මං දිහා හොඳට බැලුවා...

"ඔයාට එයාව ගොඩක් මතක් වෙනව නේද..."
ජිමින් අහපු දේට මං කලේ ඔලුව වනපු එක විතරයි...
ගොඩක් කියන්නේ මට පුලුවන් නම් මං දැන් දුවන් ගිහින් තුරුල් වෙනව එයුන්ට...

"එහෙනම් ඇයි ඉතින් අකමැත්තෙන් ආවෙ....එයාව දාල...."
මොන ප්‍රශ්නයක්ද ඒ....
ජිමිනටත් ඕනවෙලා තිබුනෙ මාව ගෙන්නගන්න නේ....

"මාව එයාට කරදරයක්...."
ඇඩෙන්න වගෙ එද්දි මං කිව්වා....

"එයා එහෙම කිව්වද!?"

"න්-නෑ...."
කවදාවත් බැල්මකින්වත් එයුන් මාව කරදරයක් බව ඇගෙව්වෙ නෑ....

U Are My Crazy || KTH || Completed Wo Geschichten leben. Entdecke jetzt