Chapter 10🍁

196 37 40
                                    


ඒ නිසා මං තවත් බලන් ඉන්නෙ නැතුව ඉක්මනට ටේහියුන්වත් ඇදන් එතන එහාට වෙන්න තිබ්බ කලුවර,පාලු පාරකට දුවන් ගියා...මං හිතන්නෙ අරුන් අපිව දැක්කෙ නම් නෑ....එතන තිබුන බිත්තියකට හේත්තු වුන මං ටිකක් සැනසීමෙන් හුස්ම ගත්තා....ඒත් ටේහියුන් අඩනවා....එයා හොඳටම බය වෙන්න ඇති...මගෙ ටී ශර්ට් එක තද කරන් අඩනවා...මහ හයියෙන් ඉකිත් ගහනවා...අයියෝ...
දැන් මේ සද්දෙ ඇහුනොත් අරුන් ආපහු එන්නත් පුලුවන් අනේ...ටේහියුන් මට වඩා උසයි නෙ ඉතින්...එයාගෙ ඔලුව අරන් මං උරහිසෙන් තියාගත්තා....

"ශ්ශ්ශ්....ඔක්කොම හරි...අඩන්න එපා...මං ඉන්නවා නෙ...මුකුත් වෙන්නෑ හරිද..."

මාත් පුලුවන් තරම් රහසින් එහෙම කියලා එයාව සනසන්න බැලුවා...කොහෙද මේ කොල්ලා මුලු මූණම රතු කරන් හොඳටම ඉකි ගහ ගහ අඩනවා...මටත් ඇඩෙනවා..අනෙ මන්ද ඉතින් මං කොච්චර කිව්වත් එයා විදපු වේදනාවෙ හැටියට අරුන්ව දැක්කමත් මෙහෙම බය වෙන සාධාරණයි ඉතිම්....
දැන් නම් මට ඔක්කොම පැත්තක දාල ගිහින් අරුන්ගෙ අහවල් ඒවට සොට් එක ගානෙ දීලා එන්න හිතයි...මේ කොල්ල අඩනව බලන් ඉන්නෙ කොහොමද...😑 තොල්, ඇස්, නහය ඔක්කොම රතු වෙලා මගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගෙන තාමත් අඩනවා..
මං ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා...මාත් කලබල වෙලා ඉන්නෙ ඉතින් එයාට වැඩිය..එයා තව අවුල් වෙන නිසා ඒක පෙන්නන්නේ නැත්තෙ...දැන් මෙයා නවත්තන පාටකුත් නෑ....මං දන්නෑ....

මං හිමීට මගෙ අත් දෙක එයාගෙ මූණ දෙපැත්තෙන් තියලා එයාගෙ මූණ ඉස්සුවා...දැන් ඇසුත් ලොකු කරන් මං දිහා බලන් ඉන්නවා...ඉකි ගහ ගහ...මං ආයෙත් පහුනොවී මගේ තොල් එයාගෙ තොල් උඩින් තිබ්බා....

(A/N:රීඩර් බබාලට ලේන්සුව ගානෙ දෙනවා...පිහිදාන්නෙ මොනාද කියලා තීරණය කිරීම ඔබ සතුයි...කදුලුද/ කෙලද !?🙂)

මං දන්නෑ මේ වෙලාවෙ හැටියට දෙන්නවම සන්සුන් කරගන්න හොඳම දේ මේක කියලා තමයි මට හිතුනෙ...මොකද බයවුන, කලබල වුන ගොඩක් වෙලාවට මෙහෙම දේකින් ඒ ගතිය මග ඇරෙනවා...psychology fact එකක් ඒක 😌

(අපිට තමයි අඩන වෙලාවට බල්ලෙක්වත් නැත්තෙ...🙂)

එයා මුකුත් කරේ නෑ...ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලන් ඉන්නවා..මං දන්නෑ මේක වැරැද්දක්ද කියලා...ඒත් එයා එකෙන් අඩන එක නවත්තල ටිකක් කන්ට්‍රෝල් වුනා...ඊලඟ විනාඩියේදි එයා මගෙ ඉනට අතදාල තවත් මාව එයා ලගට ඇදල අරන් kiss back කරා...මේ පාර ඇස් ලොකු වුනෙ මගෙ..මොකද මං එයාගෙන් මෙහෙම reaction එකක් බලාපොරොත්තු වුනෙ නෑ...ඒකෙන් මට එක දෙයක් හොඳටම පැහැදිලියි...එයාටත් අපිට වගේම හැගීම් දැනෙනවා...ඔව් ඉතින් මනුස්සයෙක්නෙ...🙂
මාත් එක අතක් එයාගෙ කම්මුලකින් තියාගෙන අනිත් අත එයාගෙ බෙල්ල වටේ දාගෙන තොල් පැටලුවා...මං දන්නෑ මොන හේතුවක් මුල් කරගෙන මේක කරනවද කියල...ආදරෙද!? රාගයද!? ආසාවද!?
ඒ මුකුත් මං දන්නෑ...ඒත් ඒක හරි ලස්සන හැගීමක්...වෙනම වින්දනයක්..මගෙ first kiss එක 🙂 එයාගෙත් එහෙම වෙන්නැති...ඒත් හොඳ පලපුරුදු කාරයෙක් වගේ එයා මාව කිස් කරේ...මූලිකත්වය අරන් පටන් ගත්තෙ මම එයාව පාලනය කරන්න හිතන්..ඒත් දැන් වෙන්නෙ සම්පූර්ණයෙන්ම එයා මාව පාලනය කරන එක...

U Are My Crazy || KTH || Completed Wo Geschichten leben. Entdecke jetzt