Chapter 18🍁

164 30 62
                                        


Author's pov:

එදා එයුන්ලට තිබුනෙ උදේම එක ලෙක්චර් එකක් විතරයි... ඒක ඉවරවෙලා එයුන් ගෙදර ගියා ටේ හින්දා...අනිත් දෙන්නා බඩු ගන්න කියලා ඒ ගමන්ම මාකට් ගියා..
ගිහින් එන අතර සෝයුන්ට දැනගන්න ඕන වුනා ලීස් මූණ දෙක කරන් ඉන්න හේතුව....ඊයෙ ඉදන් අහන්න හිටියත් සෝයුන්ට බැරිවුණා..ඉතින් අද ලීස්ව තනියම සෙට් වුන වෙලාවෙ ඒ ගැන ඇහුවා...

සෝයුන්: ඕයි මේ මොකක් හරි ප්‍රශ්නයක්ද උඹට...

ලීස්:මො-මොක්ද්ද...

වෙනමම කල්පනාවක ගිය ලීස් ගැස්සුනා..ඇත්තටම කිව්වොත් කල්පනාව නම් ජිමින් ගැන...පලවෙනි දවසෙ කොල්ලව දැකල වලියක් දාගත්ත එක නම් හිනාවෙලා අමතක කරත් ඊයෙ ආයෙ හම්බෙලා ජිමින් තමන් එක්ක හොදින් කතා කරපු එක,ඒ bracelet එක ගැන වගේම හදිසියේ ගිය හේතුව ගැනත් දිගින් දිගටම හිතන එක ලීස්ට නතර කරගන්න බැරිවුණා....
අනිත් අතට ජිමින් කියන්නේ ඕනම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන ජාතියෙ හැන්ඩ්සම් කොල්ලෙක්...ඉතින් ඒ කාරණාව ලීස්ටත් පොදු වුනා...
ලීස් දන්නෙ ජිමින්ගෙ නම විතරයි...ඒත් ආයෙත් මුණගැහෙයි කියන සිතුවිල්ල එක්ක කෙල්ල හිටියා ජිමින් වගේම....

සෝයුන්:මොකක්ද ? මොකක්ද කියලා තමයි මාත් මේ අහන්නෙ...

ලීස්:මු- මුකුත් නැහ් බං..ඇයි එහෙ-----

ලීස් කිය කිය ඉදපු දේ එහෙම්ම ගිලගෙන ඇස් දෙකත් ලොකු කරන් flat එකේ car park එක දිහා බලන් ඉන්නවා...

සෝයුන්: මොකද බං ඒ පාර...මහ දවල් යකෙක් දැකල ව-----

ලීස්ට එකපාරටම වුනෙ මොකක්ද බලන්න ලීස්ගෙ ඇස් තියෙන පැත්ත බලපු සෝයුන් දැක්කෙ එයුන්ගෙ අම්මවයි,තාත්තවයි...දෙන්නා වාහනෙන් බැහැල එන්නද කොහෙද හදන්නෙ...

සෝයුන්: අඩේහ්! යක්කු නෙවෙයි දැන් තොවිල් නටන්න වෙන්නෙ තව ටිහකින්...

ලීස්: එහ්...අරකි ටේ එක්ක..ඇන්ටිල එන බවක් දන්නෙ නැතුව ඇති...

එකපාරටම හෙනයක් කඩන් වැටුනා වගෙ ලීස්,සෝයුන් දෙන්නා මූණට මූණ බලාගත්තා...විනාඩි ගානක් දෙන්න එහෙම බලන් ඉදල ආයෙ අර පැත්ත බැලුවා...

U Are My Crazy || KTH || Completed Donde viven las historias. Descúbrelo ahora