Chapter 07🍁

169 34 22
                                    

Author's pov:

"ඉතින් උඹ ටේහියුන්ව භාරගන්නවද..!?"

සෝයුන් ඒ අහපු දේ එක්ක ජී එයුන්ට ආයෙ මතක් වුනෙ ඊයෙ ජීන් කිව්ව ඒවා...ඔව් ජීන් ජී එයුන්ගෙන් ඉල්ලපු උදව්ව තමයි ඒක...ටේහියුන්ව බලාගන්න එක....

ᖴᒪᗩՏᕼᗷᗩᑕK.............

"හ්ම් ගුඩ්...thanks ජී එයුන්..."
          (A/N:කලින් කොටසෙ ජීන් & ජීඑයුන් කතාබහේ අන්තිම ඉදන් දැන් )

කෙල්ල ඒ දේට කැමති වුන නිසා ජීන්ට සතුටුයි...ඒ වගෙම ලොකු බරක් නිදහස් වුනා වගෙයි ජීන්ට දැනුනෙ...ඒත් ඇයි!? ටේහියුන් කියන්නේ නිකන්ම patient කෙනෙක් විතරයි අනිත් ලෙඩ්ඩු වගේම...ඉතින් ජීන් මෙච්චර කරදර වෙන්නෙ ඇයි ඒ ගැන..!?🤷

ජීන්:" ඉතින් ඔයාට ප්‍රශ්න නැද්ද මගෙන් අහන්න..."
       එකක් නෙවෙයි ජී එයුන්ට මේ වෙලාවෙ ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා ජීන්ගෙන් අහන්න..ඒත් කෙල්ල මුකුත් අහන්නෙ නැතුව හිටියෙ ජීන් කවදාවත් වැරදි දෙයක් කරන්නෑ කියලා දන්න නිසා....

ජී එයුන්:" ඔප්පා, ටේහියුන්ගෙ පවුලෙ කවුරුත් නැද්ද ඒ කියන්නේ...එයාව මට භාරදුන්නෙ ඒ නිසා ද!?"

ජීන්:" හ්ම්...ඔයාට හැමදේම කියන්න ඕන දැන් මං...මොකද ඉස්සරහට එයා ඉන්නෙ ඔයා එක්කනෙ...
        ඇත්තටම ටේහියුන් අනාත නිවාසෙක හැදුන ලමයෙක්..."

මෙච්චර කාලයක් කතා කරාට ජී එයුන් ටේහියුන්ගෙ ඔය දේවල් දැනන් හිටියෙ නෑ...දැනන් ඉන්න ඒ කොල්ල කතා කරන්න එපැයි ඉතින් 😒 ජීන්ගෙන් ඒ දේවල් ගැන දැනගන්න ඕන වුනත් ජී එයුන් ඒකට පැකිලුනා...ඒත් අද ජීන්ම අහන නිසා තමන්ගෙ හිතෙ තියෙන ඔක්කොම ප්‍රශ්න ජී එයුන් එලියට දැම්ම...
          ටේහියුන් අනාත නිවාසෙක කොල්ලෙක් කියලා ඇහුන ගමන් ජීඑයුන්ගෙ උගුරෙ මොකක් හරි හිරවෙනව වගෙ දැනුනා...කෙල්ලට ඇත්තටම ගොඩක් දුක හිතුනා....මෙච්චර අසරණ කමක් ටේහියුන්ට...!?

ජී එයුන්:" අනේ...මං හිතුවෙ පවුලෙ අය ඉන්නවා කියලා...හොඳ ෆැමිලි එහෙක කොල්ලෙක් කියලා පේන්නෙ...පව් එයා"

ජීන්:" එහෙම තමයි එයුන්...හැමෝටම හැමදේම ලැබෙන්නෑ...ටේහියුන්ට පවුලෙ කවුරුත්ම නෑ...කොල්ලට මතක ඇති කාලෙ ඉදන් ඉදල තියෙන්නෙ ඉල්සාන් වල අනාත නිවාසෙක....
          කොල්ලට හොඳට ඉගෙන ගන්න පුලුවන්ලු...scholarship එකක් ලැබිලා තමයි කොල්ලා සෝල් වලට ඇවිත් තියෙන්නේ....Music degree එක කරන අතරතුරේ තමයි ඔය දේ වුනේ..."

U Are My Crazy || KTH || Completed Où les histoires vivent. Découvrez maintenant