"හෝව්!! හෝව්!!, මාව උදෙත් දාලා ගියා.. දැන්වත් මාව දාගෙන යනවා.. නැත්නං මං අර උදේ දැක්ක දේ හැමෝටම කියනවා.."
'ආයිශ්!!! මුනුත් වෙලාවකට මහ කරදරයක්'
මං යන්න හදද්දිම කොහෙන්වත් ඉඳං ආපු Jennie මට තර්ජනය කරන්න පටන් ගත්තා නිසා මට එහෙම හිතුනේ. ඒත් මට එයාව උදේ අමතක උනානේ මගේ vision එක නිසා.. එයාගේ අද අපේ ඉස්කෝලේ ට එන පළවෙනි දවස.. පව් පයින් ද දන්නෑ ආවේ.. මොකද අපේ ඉස්කෝලේ තියෙන්නේ නගරෙන් ටිකක් ඇතුලේ. එහෙට බස් යන්නෑ.. ඉතිං එතන ටවුන් එකේ නැවතුමේ ඉඳන් අපි එන්නේ bicycle වල.. අප්පා Jennie ටත් bicycle එකක් අරන් දෙන්න හැදුවෙ.. ඒත් ඔම්මා කිව්වා Jennie ට මාත් එක්ක යන්න කියලා.. දැන් මෙයා තරහින් පුපුර පුපුර ඉන්න හැටි දැකලා මට හිනා යන්න ආවත් කට ඇවිස්සුනොත් මොනා කියයිද දන්නෑනේ.. ඒක හිංදා මං හිනාව හංගගත්තා.
"Niiee.. මං කියන දේ අහන්නකො-""ඇයි මට අරයව අපේ jin Oppa වගේ පේන්නේ?
මං කතාකරලා ඉවර වෙන්න කළිං එයා මගෙන් පිටිපස්සට ඇඟිල්ල දික් කරලා කෙනෙක්ව පෙන්නුවා. ඒ මනුස්සයා ඒක දැකලා මටයි Jennie ටයි අත වැනුවා. ඔව් ඒ අපේ Jin Hyung තමයි..'ඒත් එයා මොකටද අපේ ඉස්කෝලෙට ආවේ මේ විදියට ඇඳගෙන?'
මට එහෙම හිතුනම මං Vision එකකින් හේතුව දැක්කා. ගෑණු ළමයෙක් බලන්න.. හැබැයි මට පේන්නේ අනාගතේ නෙ.. Hyung ට එයා නිසා සෑහෙන්න කරදර විඳින්න වෙයි වගේ.. කමක් නෑ.. ඕන මගුලක් කරගත්තාවේ..
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...