මම මගේ ඇස් අරිනකොට මම හිටියෙ තැඹිලි පාට එළියකින් වැහිලා තිබුන කාමරේක.. autumn කාලෙ හවසක වගේ.. මම මගේ අත් දෙක දිහා බැලුවම මම කිසිම තුවාලයක් දැක්කෙ නැති නිසා ගොඩක් පුදුම වෙලා හිටියේ.. ඒත් එක්කම කෙනෙක් කාමරේට ආවෙ ලොකු මල් පොකුරකුත් අරගෙන..
"ටඩා!! ඔයාට දැන් කොහොමද? 😁"
ඒ ආවෙ Sunoo.. එයා මං කවදාවත් දැකලා නැති පිරිච්ච හිනාවකින් එහෙම කිව්වම මට ඇඬෙන්න පටන් ගත්තෙ මං නිසා වුන දේවල් මතක් උන නිසා..
"ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ😭"
(A/N: පොඩි ළමයි අඬන සද්දෙ)"අයිගෝ.. Jiwon-aa.. ඇයි අඬන්නෙ?? ඔයා අද සතුටු වෙන්න ඕනිනෙ.. අපේ කරදර අදින් ඉවරයි.."
Sunoo මාව බදාගන්න ගමන් කිව්වා..
"ඔප්පා.. මියන්හේ.. මේ හැමදේම මං නිසා. මට ඔයාව මුණ නොගැහී ඉන්න තිබ්බා.. එහෙම වුනානම් ඔයාට මේ එක කරදරයක් වත් නෑනේ.. මට සමාවෙන්න ඔප්පා..😭"
"එහෙම දෙයක් නෑ Jiwon-aa.. ඔයා තමයි මගේ ජීවිතේට වුන හොඳම දේ.. ඔයාව හම්බුන දවසෙ ඉඳල මම ගෙව්වෙ පුදුමාකාර තරම් සතුටක් දැනුන කාලයක්.. කෙල්ලො දිහා මෙච්චර කාලෙකට නොබලපු මාව වෙනස් කළේ ඔයා.. ඔයාව මට කවදාවත් මුණනොගැහුනා නම් අද මං මීට වැඩිය වෙනස් තැනක ඉන්න තිබ්බා.. ඒක නිසා සමාව ඉල්ලන්න එපා.. ඔයා වැරැද්දක් නෙමෙයි හොඳ දෙයක් කළේ ☺️"
Sunoo මගේ කඳුළු පිහදාලා කිව්වා..
"දැන් එන්න.. අපි යමු..."
"කො-කොහෙද ඔප්පා???"
"එන්නකෝ..."
එහෙම කියලා Sunoo, මගේ අතින් ඇදගෙන දුවලා ගියා.. මම එළියට ගිහාම දැක්කෙ...
"මේ මුහුද 😮🥺
ඔප්පා.. ottokkee 🥺😮??"
"ඔයා කැමතිද ඒකට??"
"ඔව්.. ගොඩක්...🥺"
මං එයාව බදාගත්තෙ සතුට වැඩි කමට.. මං මේ සෑහෙන කාලෙකට පස්සේ මුහුද දකින්නේ.. මං අන්තිමට ආවෙ මගෙ අප්පා එක්ක.. එයා අතුරුදහන් වෙන්න දවසකට කළිං..
"Jiwon-aa!!"
හොදට හුරුපුරුදු කටහඬකින් මට කතාකරනවා ඇහුනම මම Sunoo ගෙන් ඈත් වෙලා කටහඬ ඇහුන පැත්ත බැලුවෙ ඒ කවුද බලන්න.. ඒ හිටියෙ මං නොහිතපු කෙනෙක්..
ESTÁS LEYENDO
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfic"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...