"තමුසෙට කොහෙන් ආපු හයියක්ද බල්ලෝ මගේ කෙල්ලට අත තියන්න?"
වේගෙන් වැදුනු කම්මුල් පාරකට මගේ කන රත් වෙලා ගියා.. ආව්.. ඒක රිදුනා 😑
"ආයිශ්!!! මොන රෙද්දක් ද!!??"
මං එහෙම කියලා මට ගහන්න ආපු එකාට ගහන්න හැරෙද්දී Jungwon යි Niki යි ආවා.. මං ගහන්න කලින්ම Jungwon ඒකට ගැහුවෙ පුපුරණ තරම් කේන්තියකින්..ඒත් එයා රවාගෙන හිටියා මිසක් වචනයක් කිව්වෙ නෑ. ඒක හිංදා Niki ඒ අඩුව පිරෙව්වා.
" තමුසෙට කොහෙන් ආපු හයියකටද ඕයි අපේ යාළුවට ගැහුවේ?!! "
" Yaahh!! Sib*l gese**ideul!!! මේක හොඳට අහගන්නවා.. මං එකම දේ දෙපාර දෙපාර කියන ජාතියෙ එකෙක් නෙමෙයි.. ඒක නිසා මගේ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්නවා.. එහෙම නැතිවුනොත් තමුසෙගේ අවසානය එදාට වෙයි! මතක තියාගන්නවා! "
මට ගහපු එකා එහෙම කිව්වම Jungwon ඒකට ආයි පාරක් ගහන්න අත මිට මොළවන් ඉස්සරහට ගියා. මං එයාව නවත්තලා මට ඒ ගහපු එකාගේ මුණ ළඟට ගියා. මං තරහ පාලනය කරගන්න පුළුවන් තරම් උත්සහ කරලා තමයි කතාව පටන් ගත්තේ.
"හාහ්.. මාව ඉවර කරන්න? තමුසේ?? ඇයි තමුසෙ සර්වබලධාරියද මාව ඉවර කරන්න? Tsk tsk tsk! මෝඩ මිනිහා! හහ් හහ් 😂 මේකත් හොඳට අහගන්නවා ඔය ගොන් කන් දෙකෙන්.. මට මේ අහක තියෙන කුණ්ඩවාලි නිකං ඇඟේ පටළවගන්න පණු අමාරුව නෑ. තමුසෙගෙ කෙල්ලට කියනවා අනිත් මිනිස්සුන්ට පව් නොදී ඉන්න කියලා. තමුසෙත් තමුසෙගේ තරම දැනගෙන පාඩුවෙ හිටියනං තමා හොඳ.. වරෙන් බං යන්න..."
මං එහෙම කියලා Jungwon ටයි Niki ටයි කතාකළා එතනින් යන්න. ඒ දෙන්නා මගේ දෙපැත්තෙන් ආවේ හරියට දුෂ්ටයා පරද්දලා ගැම්මෙන් යන වීරයෝ ටිකක් වගේ..😎"ඒ! ඒ සීන් එක ගතියටම ආවා බ්‍රෝ"
Niki ටික දුරක් ඇවිත් කිව්වා."ඒයි ගෝතයෝ! මූඩ් එක කන්න එපා.. තව ටිකක් වෙලා මේ වීර ෆීලිං එක දැනෙන්න දියාම්කෝ"
මම කිව්වා."දැන් ඇති නේ.. ආයි ඊළඟ දවසටත් මේ ෆීල් එක ආයි අපට හම්බෙයි. මේක ඉවරවෙන්නේ නැති පාටයි.."
Jungwon ආයි පිටිපස්ස හැරිලා බලාගෙන ඉඳලා කිව්වා. මාත් පිටිපස්ස බැළුවම දැක්කේ අර ගෑණු ළමයා අර කොල්ලව තල්ලු කරලා එතනින් දුවගෙන යනවා. එතකොට අර මෝඩ කොල්ලා මට මැද්දේ ඇඟිල්ල පෙන්නනවා..
ESTÁS LEYENDO
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfic"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...