-----------------------------------------------------------------------
SUNOO'S POV
"Sunoo!! Sunoo!! කොහෙද ඔය බලාගෙන ඉන්නේ.. මං අහපු ප්‍රශ්නෙට උත්තරේ කියන්න බලන්න.."
මං මනෝලෝකෙ අතරමං වෙලා ඉද්දි Ms. Manoban කතාකරනවා හීනෙන් වගේ ඇහුනේ.. මං හිත හිත හිටියෙ අර ගෑණු ළමයට මොනා කියන්නද කියලා.. මං extra class එකේ මැදක ඉද්දියි මට එයා rooftop එකට එන්න කිව්ව එක මතක් වුනේ..
"Sunoo.. කෝ නැගිටලා කියන්න මට උත්තරේ.."
Ms. Manoban ආයි පාරක් මට කතාකළා..
"Jeosseohamnida seonsaengnim.. මට ප්‍රශ්නෙ හරියට තේරුණේ නෑ.."
මම නැගිටලා ටිකක් වෙලා කල්පනා කරලා බිම බලාගෙනම කිව්වා..
"හරියට අහන් හිටියනම් තේරුම් ගන්න තිබ්බා.. හරි හරි මට තේරෙනවා.. ඔයාලටත් දැන් මහන්සි ඇතිනේ.. අපි පංතිය ඉවර කරමු.. දැන් යන්න පුළුවන්.. ආ Sunoo පොඩ්ඩක් ඉන්න.. ඔයත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනෙ.."
Ms. Manoban එහෙම කිව්ව ගමන් Leedo පැනලා එළියට ගියේ.. seonsaengnim මට ඉන්න කිව්ව නිසා මං නතර වුණා.
"Sunoo.. මේ දවස්වල ඔයා හරි වෙනස්නෙ.. ළමයි එක්ක රණ්ඩු වෙනවා, පාඩමට වෙනද වගේ ඇහුම්කන් දෙන්නේ නෑ.. ඔයා මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නේ දරුවෝ?"
Ms. Manoban එහෙම අහලා මගේ ලඟින් ඇවිත් ඉඳගත්තා..
"එහෙම දෙයක් නෑ seonsaengnim.. එයා තමයි රණ්ඩු කරන්න පටන් ගන්නේ.. මට නිකං හේතුවක් නැතුව ගුටිකන්න බෑනේ.. අනික දැන් මං එයාට කැමති නැති තත්වෙට පත්වෙලා ඉවරයි.. ආයි ඒක වෙනස් කරන්න බැරි වෙයි.."
"ඒ වුනාට දරුවෝ ඔහොම කේන්ති අරං ප්‍රශ්න විසඳන්න බැහැ.. ඔයා බුද්ධිමත් දරුවෙක්.. මං හිතනවා ඔයා හරි දේ හරි විදිහට තෝරගෙන කරයි කියලා.. ආයි රණ්ඩුවට යන්න එපා.. තේරුණානේ?"
"හ්ම් හ්ම් 😔"
මං ඔළුව වැනුවා.."හරි එහෙනම්.. ඔයත් දැන් යන්න.. බඩගිනිත් ඇතිනේ.. සල්ලි තියෙනවා නේද යන්න?"
Ms. Manoban මගේ ඔළුවට තට්ටුවක් දානගමන් ඇහුවා..
"ඔව් ඔව්.. මං එහෙනම් යන්නම් seonsaengnim.."
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...