Chapter 11 🐼

79 21 2
                                    






SUNOO'S POV

මම Jiwon ව එක්කගෙන ගෙදර එන්න කළිං මගදි නැවතිලා ඔම්මට කෝල් එකක් අරගෙන කිව්වා අද කෙනෙක් එනවා මගෙන් පාඩම් අහගන්න කියලා.. මං ඔම්මට Jiwon ගේ නම කිව්වේ නැත්තේ ඊයේ කෑම මේසේදි මම එයා ඉන්න තැන කියපු වචන ටික නිසා..

'පිස්සුද ඕයි.. මං කැමති Jiwon ට නැතුව Nayeon ට නෙමෙයි..'

මේක නිකං දෝංකාර දිදී මට ඇහෙනවා වගේ 🥴

+++

"වාව් ඔප්පා 😮 ඔයාගේ ගෙදර ලස්සනයි නේ 🤩"

Jiwon කට ඇරගෙන බලන් හිටපු විදිහට මට හිනා ගියත් එයාගේ ඇරිලා තිබ්බ කටට එකක් ගහගෙනම මම ඉස්සරහට ගියා..

"යා!! ඔප්පා.. මං එනකං ඉන්න"

එයා කෑගහගෙන පොඩි එකෙක් වගේ දුවගෙන ආපු විදිහ මම ඈත ඉඳන් බලන් හිටියා.. හරි කියුට් 🙃

"ඔම්මා!! අපි ආවා.."

අපි ගෙට යනවත් එක්කම වගේ මම කෑගහලා අපි ආපු බව ඔම්මට දැන්නුවේ කන්න මොනවහරි ලැබෙන බලාපොරොත්තුවෙන් 😁

"

Jiwon.. එන්න මේ මගේ room එක.. අපිට ඕනෙ නම් මෙතන ඉඳං පාඩම් කරන්න පුළුවන්.. නැත්නම් garden එකට ගිහින් පාඩම් කරන්න පුළුවන්.. ඔයා කොහොමද කැමති?"

මම ඇහුවා.

"ඔප්පා.. අදට අපි මෙතන ඔයාගේ කාමරේ ඉඳං පාඩම කරමු.. ඊළඟ දවසේ garden එකට යමු.. 😁"

"හරි එහෙනම්.. ඔයාගේ කැමැත්තක්.. වාඩි වෙන්න.. මං කන්න මොනාහරි ඉල්ලන් එන්නම්.."

"හරි.. ඔප්පා.."

මම එහෙම කියලා මගේ ඔම්මට කන්න දෙයක් ගේන්න කියලා කුස්සියට ගියා.. ඊට පස්සේ එනගමන් store room එකේ තිබුන පොඩි මේසෙ ගෙනල්ලා ඒක කාමරෙන් ගිහින් තිබ්බෙ ඒකෙ ඉඳන් අපි දෙන්නටම පාඩම කරන්න ලේසි නිසා.. අපි දෙන්නා බිම ඉඳගෙන පාඩම පටන්ගත්තා..

"Jiwon.. Jiwon-aa!! මේ ගාන හදන්න.. මං කතාකරලා ඉවරයි.."

මම එහෙම කිවවෙ එයා මං කතාකරලා ඉවර වෙලා වුනත් දිගටම මම දිහාම බලන් හිටපු නිසා..

Tomorrow BE WITH ME (Sinhala FF)Where stories live. Discover now